විශ්වවිද්‍යාල පද්ධතියෙන් තර්ජනකාරී දේශපාලනය ඉවත් කළ යුතුයි – ජනපති

විශ්වවිද්‍යාල පද්ධතියෙන් තර්ජනකාරී දේශපාලනය ඉවත් කළ යුතු බවත් දරුවන් නිදහසේ අධ්‍යාපන කටයුතු සිදුකිරීමට නම් විශ්වවිද්‍යාල පද්ධතිය ප්‍රතිසංධාන කළ යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

මෙරට පාසල් සහ විශ්වවිද්‍යාල පද්ධතිය කඩාකප්පල් නොකර විධිමත් අධ්‍යාපන ආයතන බවට පත් කළ යුතු කාලය එළඹ තිබෙන බව ද ජනාධිපතිවරයා පෙන්වා දෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහා මේ බව සඳහන් කර සිටියේ මඩකලපුව, පූනානි ප්‍රදේශයේ ඉදිකරන ලද විද්‍යා හා තාක්ෂණ විශ්වවිද්‍යාලය සිසු අයිතියට පත් කිරීම වෙනුවෙන් අද (20) පැවති උත්සවයට එක්වෙමින්.

සමරු ඵලකය නිරාවරණය කර විද්‍යා හා තාක්ෂණ විශ්වවිද්‍යාලය සිසු අයිතියට පවරා දුන් ජනාධිපතිවරයා එහි නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් සිසු සිසුවියන් සමඟ සුහද කතාබහක ද නිරත වුණා.

මෙහිදී විශ්වවිද්‍යාලයීය පාලනාධිකාරිය සහ මෙරට උසස් අධ්‍යාපන ආයතන සමඟ අවබෝධතා ගිවිසුම් හුවමාරු කර ගැනීම ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ සිදු කළා.

එමෙන්ම විද්‍යා හා තාක්ෂණ විශ්වවිද්‍යාලය සිසු අයිතියට පත් කිරීමට සමගාමීව සමරු මුද්දරයක් එළිදැක්වීමද සිදු කෙරුණා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ,

“හිස්බුල්ලා මැතිතුමාව මම මුලින්ම දැනගත්තේ 1985 වසරේදීයි. එතුමා අද මේ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලය ආරම්භ කර තිබෙනවා. මෙහි තාක්ෂණයට හා විද්‍යාවට මුල් තැන ලබාදී තිබෙනවා. මේ විශ්වවිද්‍යාලය ආරම්භ කළේ අපේ දරු පරපුරට විද්‍යාව සහ තාක්ෂණය දැනුම ලබා දෙන්නයි.
රජයේ අරමුණ වී තිබෙන්නෙත් අප රටේ විද්‍යා සහ තාක්ෂණය දියුණු කිරීමයි. තාක්ෂණය සහ විද්‍යාවෙන් පිරිපුන් පිරිස් අපේ රටට අවශ්‍යයි. මෙම විශ්වවිද්‍යාලය රටට වැදගත් වන්නේ ඒ නිසයි.අපේ රටේ දරු පරපුරට විද්‍යාව සහ තාක්ෂණය දැනුම ලබාදීමට ගන්නා උත්සාහයට ස්තූතිවන්ත වෙනවා. එතුමා මේ ප්‍රදේශයට කර තිබෙන්නේ විශාල සේවයක්. මේ විශ්වවිද්‍යාලයත් සමඟ නැගෙනහිර පළාතට දැන් විශ්වවිද්‍යාල තුනක් තිබෙනවා.
මෙම ආයතනය ලාභ ලබන ආයතනයක් නෙමෙයි. මේ ආයතනයටත් ලැබෙන අරමුදලින් ඉතිරි වුණොත් ආයතනයේ දියුණුව උදෙසා යොදා ගන්න.අප රටේ පමණක් නොවෙයි ප්‍රතිලාභ නොලබන විශ්වවිද්‍යාල ලෝකයේ තිබෙනවා. හාවඩ්, ඔක්ස්ෆර්ඩ් , කේම්බ්‍රිජ් වැනි විශ්වවිද්‍යාල ප්‍රතිලාභ නොලබන විශ්වවිද්‍යාල ලෙස හඳුන්වන්න පුළුවන්.
කොතලාවල විශ්වවිද්‍යාලය සහ NSBM හරිත සරසවිය ද ප්‍රතිලාභ නොලබන විශ්වවිද්‍යාල බව කිව යුතුයි. ඇතැමුන් මේවා උපාධි කඩ වශයෙන් හදුන්වා දෙනවා. එතකොට කේම්බ්‍රිජ්, හාවඩ්, ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයත් උපාධි කඩද? ඔය ආකල්පය අරගෙන ඇවිත් තමයි මේ රටේ රාජ්‍ය විශ්ව විද්‍යාල විනාශ කළේ. කෙසේ නමුත් අපි මේවා තව තවත් දියුණු කළ යුතුයි. එදා තිබුණු විශ්වවිද්‍යාල නෙමෙයි අද තිබෙන්නේ.
අද විශ්වවිද්‍යාල තුළ සිසු සිසුවියන්ගේ අධ්‍යාපන කටයුතු කඩාකප්පල් කරන කණ්ඩායම් සිටිනවා.එම කණ්ඩායම් ඒකාධිපති පාලනයක් වගේ සිසු සිසුවියන්ව හසුරවනවා.එවන් වූ වාතාවරණයක් තුළ ඉගැන්වීම් කටයුතු කරන ගුරු භවතුන්ට මම ප්‍රශංසා කරනවා.විශ්වවිද්‍යාල වැනි ආයතනවලට උපාධි කඩ යැයි කියන අසභ්‍ය කතාවලට අප ඇහුම්කන් දිය යුතු නැහැ. දරුවන්ට නිදහසේ ඉගෙන ගැනීමට නම් මේ රටේ විශ්වවිද්‍යාල ක්‍රමය ප්‍රතිසංවිධානය කළ යුතුයි. මම මෙහෙම කිව්ව එක ගැන හෙට ඉඳන් සමාජ මාධ්‍යවලින් මට දොස් පවරන්න පුළුවන්. විශ්වවිද්‍යාලය තුළ දේශපාලනය කරන්න අවශ්‍ය නැහැ.
විශ්වවිද්‍යාල පද්ධතිය තුළින් තර්ජනකාරී දේශපාලනය ඉවත් විය යුතුයි. විශ්වවිද්‍යාලය තුළ දී තමන් කැමති පාඨමාලාවක් තෝරා ගැනීමේ අයිතිය සිසුන්ට ලබාදිය යුතුයි. අපේ පාසල් හා විශ්වවිද්‍යාල පද්ධතිය කඩාකප්පල් නොකර විධිමත් අධ්‍යාපන ආයතන බවට පත් කළ යුතුයි.
මෙම විශ්වවිද්‍යාලය දියුණු වුවහොත් අනෙකුත් විශ්වවිද්‍යාල පද්ධතියද දියුණු වෙයි කියා බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මෙවැනි තවත් විශ්වවිද්‍යාල ඇතිවනු ඇතැයි අපේක්ෂා කරනවා. මෙරට උසස් අධ්‍යාපනය වෙනුවෙන් සුවිශේෂි මෙහෙවරක් ඉටුකළ ලලිත් ඇතුලත්මුදලි මැතිතුමා වෙනුවෙන් අධ්‍යාපන ආයතනයක් ආරම්භ කිරීමටත් අප බලාපොරොත්තු වෙනවා. තාක්ෂණික විශ්වවිද්‍යාල ඇතුළු අධ්‍යාපන ආයතන හතරක් ආරම්භ කිරීමට රජය කටයුතු කරන බවද පැවසිය යුතුයි.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22