AFC Banner
Empty Ad
Empty Ad

ඉන්දියාවේ සුඛෝපභෝගී නිවාස මිලදී ගැනීම් ඉහළට

ඉන්දියාව තුළ සුඛෝපභෝගී නිවාස විකුණුම් පසුගිය වසරට සාපේක්ෂවා මේ වසරේ පළමු මාස 06 තුළ සියයට 27කින් වර්ධනය වී ඇතැයි ANI වාර්තා කරනවා.

දකුණු ආසියානු දේපළ සංවර්ධන උපදේශන ආයතනයක් වන CBRE වාර්තාවක් උපුටා දක්වන ANI පෙන්වා දෙන්නේ ඉන්දීය රුපියල් කෝටි 04ක් හෝ ඊට වැඩි වටිනාකමින් යුතු සුඛෝපභෝගී නිවාස 8,500ක් අදාළ කාලය තුළ විකිණී ඇති බවයි.

පසුගිය වසරේ පළමු මාස 06 තුළ එම විකුණුම් අගය 6700ක්.

දිල්ලි, මුම්බායි සහ හයිද්‍රාබාද් නිවාස වැඩියෙන් අළෙවි වූ ප්‍රදේශ ලෙස හඳුනාගෙන තිබෙනවා.

ඉහළම විකුණුම් සහිත නගර 07ක් අතුරින් වැඩිම වර්ධනයක් පෙන්නුම් කරන්නේ පූනේ වන අතර පෙර වසරට සාපේක්ෂව විකුණුම් 06 ගුණයකින් වැඩි වී ඇත්තේ නිවාස 1,100ක් ලෙසයි.

දිල්ලියේ විකුණුම් 3,300ක් වාර්තා වන අතර එය ඉහළම අගය වනවා.

කොල්කටා නගරයේ දී සුඛෝපභෝගී නිවාස විකුණුම් දෙගුණයකින් පමණ ඉහළ ගොස් ඇතැයි CBRE වාර්තාව උපුටා දක්වමින් ANI වාර්තා කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?