ඊශ්‍රායලයේ ටෙල් අවිව් වෙත ඩ්‍රෝන් ප්‍රහාරයක් – හවුති කැරළිකරුවන් වගකීම භාරගනී

ඊශ්‍රායලයේ ටෙල් අවිව් වෙත මාරාන්තික ඩ්‍රෝන් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

යේමනයේ හවුති කැරළිකරුවන් විසින් අද (19) එල්ල කළ මෙම ප්‍රහාරයෙන් එක් පුද්ගලයෙකු මිය ගොස් අවම වශයෙන් තවත් දසදෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

ටෙල් අවිව් හි එක්සත් ජනපද තානාපති කාර්යාල ශාඛා කාර්යාලයක් ඇතුළු රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල ගනනාවක් පිහිටි ප්‍රදේශයට මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ගාසා තීරයේ හමාස් සංවිධානයට එරෙහි සිදුකරන ඊශ්‍රායලයේ යුද්ධයට ප්‍රතිචාරයක් ලෙස මෙම ප්‍රහාරය එල්ල කළ බවයි හවුති කැරලිකරුවන් ප්‍රකාශ කළේ.

“ගාසා තීරයේ අපගේ සහෝදරයන්ට එරෙහිව සතුරාගේ සමූලඝාතන සහ දෛනික අපරාධවලට ප්‍රතිචාර වශයෙන් අපි මෙම ඉලක්ක වෙත දිගටම පහර දෙන්නෙමු, අපගේ මෙහෙයුම් නවත්වන්නේ ආක්‍රමණ නතර වී ගාසා තීරයේ පලස්තීන ජනතාව වටලෑම ඉවත් කළ විට පමණි.” යනුවෙන් මෙම ප්‍රහාරයෙන් පසු හවුති ප්‍රකාශක යාහ්යා සාරේ සඳහන් කර තිබෙනවා.

මේ අතර පිපිරීමට හේතු වූ ඩ්‍රෝන යානය ඊශ්‍රායල ගුවන් ආරක්ෂක පද්ධතියක් මගින් අනාවරණය කර ගත් නමුත්, මිනිස් අත්වැරදීමක් හේතුවෙන් එය අල්ලා ගැනීමට නොහැකි වූ ඊශ්‍රායල හමුදාව පවසනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16