ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් ගැටුම අදින් ඇරඹෙයි

ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය අද (19) ආරම්භ වනවා.

මෙවර තරගාවලියේ සත්කාරකත්වය දරන්නේ ශ්‍රී ලංකාව යි.

මෙම තරගාවලියට කාණ්ඩයට A හා B ලෙසින් බෙදී රටවල් 08ක් තරග වදිනවා.

කාණ්ඩ A නියෝජනය කරන රටවල් අතර ඉන්දියාව, නේපාලය, පාකිස්ථානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළත්.

B කාණ්ඩයට බංග්ලාදේශය, ශ්‍රී ලංකාව, මැලේසියාව සහ තායිලන්තය ඇතුළත් වනවා.

මෙම තරගාවලිය ආරම්භ කරමින් අද පළමු තරගය පැවැත්වෙන්නේ රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ දී නේපාල කාන්තා කණ්ඩායම සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතරයි.

එහි දෙවැනි තරගය අද පස්වරුවේ ඉන්දියාව සහ පාකිස්ථානය අතර පැවැත්වෙනවා.

ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය බංග්ලාදේශයට එරෙහිව හෙට (20) රාත්‍රී 07ට දඹුල්ලේ දී පැවැත්වීමට නියමිතයි.

  1. චමරි අතපත්තු ප්‍රමුඛ කාන්තා ක්‍රිකට් කණ්ඩායමට කුසලානය දිනුමට හැකිවේවා…



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18