පාණ්ඩ්‍යා – නටාසා දික්කසාදය නිල වශයෙන් නිවේදනය කරයි (ඡායාරූප)

මේ වනවිට ලොව පන්දුවාර 20 ක්‍රිකට් ආකෘතියේ සිටින විශිෂ්ටතම තුන් ඉරියව් ක්‍රීඩකයා වන ඉන්දියාවේ හර්දික් පාණ්ඩ්‍යා සිය බිරිඳ වූ Natasa Stankovic ගෙන් නිත්‍යානුකූල ව වෙන් වීම පිළිබඳ ව මාධ්‍යයට නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.

ඉන්දීය ක්‍රිකට් වෙබ් අඩවියක් වන www.espncricinfo.com සඳහන් කළේ; නටාසා සහ පාණ්ඩ්‍යාගේ විවාහය දෙදරා යාම පසුගිය ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලිය පුරා ම දැඩි ලෙස මාධ්‍ය තුළ කතාබහට ලක් වූ බවයි.

එවන් අවස්ථාවක දී විවිධ සමාජ මාධ්‍ය ජාලාවල පුවත් සංසරණය වූයේ නටාසා සිය හිතවතෙක් සමග ප්‍රේම සබඳතාවක් ආරම්භ කර ඇති බවත්; පාණ්ඩ්‍යා සහ ඇය අතර මේ වනවිට කිසිදු සබඳතාවක් නොමැති බවයි.

එමෙන්ම මෙවර ඉන්දියන් ප්‍රීමි‍යර් ක්‍රිකට් ලීගය වෙනුවෙන් මුම්බායි ඉන්දියන්ස් පිළ නියෝජනය කරමින් හර්දික් පාණ්ඩ්‍යා එක් වුව ද; දිගින් දිගටම ඔහු තරගාවලියේ අසාර්ථක වුණා.

එවන් පසුබිමක ඉන්දීය ක්‍රිකට් ලෝලීන්ගෙන් පාණ්ඩ්‍යාට එල්ල වූ විවේචන නම් එමටයි.

එය කෙතරම් ද කිවහොත් අවම වශයෙන් පාණ්ඩ්‍යාගේ බිරිඳ ප්‍රීමියර් ලීගය නැරඹීමට හෝ එක් නොවීම ද ක්‍රීඩා ලෝලින්ගේ මෙන් ම ගොසිප්වරුවන්ගේ දැඩි අවධානයට ලක් වුණු කාරණාවක් ද වුණා.

කෙසේ නමුත් පන්දුවාර 20 ක්‍රිකට් ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට හර්දික්ගෙන් සිදු වූ සේවය ඇගයුණු අතර; ඒ සියල්ලම නිමා කිරීමෙන් පසුවයි මෙම විශිෂ්ට ක්‍රීඩකයා සිය දික්කසාදය පිළිබඳ ව නිල වශයෙන් තහවුරු කර ඇත්තේ.

හර්දික් සහ නටාසා කොවිඩ් 19 වසංගතය දරුණුවට ම ඇති පසුබිමක දී එනම් 2020 වසරේ මැයි මාසයේ දී විවාහ ගිවිස ගත් අතර; අති උත්කර්ෂවත් අයුරින් 2023 පෙබරවාරි මාසයේ දී විවාහ මංගලෝත්සවයක් ද පැවැත්වුණා.

නටාසා ස්ටැන්කොවික් යනු ප්‍රසිද්ධ රංගන සහ නිරූපණ ශිල්පිනියක් වන අතර හර්දික් සමග ඇය සිව් වසරක විවාහ ජීවිතයක් ද ගත කරනු ලැබු අතර ඔවුන් දෙපළට දාව වයස අවුරුදු 04ක් පමණ වන දරුවෙක් ද සිටිනවා.

නටාසාගෙන් වෙන්වීම පිළිබඳ ව හර්දික් මාධ්‍යයට පවසා ඇත්තේ මෙවැන්නක්;

“After four years of being together, Natasa and I have decided to mutually part ways..” යනුවෙන් සිය Instagram ගිණුමෙහි සටහනක් ද තබා තිබෙනවා.

එහි තවදුරටත් ඇත්තේ; ” “We tried our best together and gave it our all, and we believe this is in the best interest for both of us. This was a tough decision for us to make, given the joy, mutual respect and companionship we enjoyed together and as we grew as a family..” යනුවෙන්.

තමන්ගේ සහ නටාසාගේ ජීවිතවල කේන්ද්‍රීය සාධකය සිය පුත් අගස්ත්‍යා බවත්; ඔහු වෙනුවෙන් ඉදිරියට දෙදෙනා විසින් ම උපරිමය ම ඉටු කිරීමට තීරණය කර ඇති බවත් හර්දික් පාණ්ඩ්‍යාගේ පණිවිඩයේ වැඩිදුරටත් සඳහන්.

සිය දරුවා වන අගස්ත්‍යා වෙනුවෙන් හර්දික් පවසා ඇත්තේ මෙවැන්නක්;

“We are blessed with Agastya, who will continue to be at the centre of both our lives and we will co-parent to ensure that we give him everything that we can for his happiness.” යනුවෙන්.

හර්දික් පාණ්ඩ්‍යා විසින් සිය විවාහය දෙදරා යාම පිළිබඳ ව නිල වශයෙන් දැනුම්දෙනු ලැබුවේ ද එළඹෙන සතියේ ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියට එක්වන සංචිතය ප්‍රකාශයට පත් කිරීමත් සමගයි.

පාණ්ඩ්‍යා ටී20 නායකත්වයෙන් ඉවත් කර; එම අසුන සූර්‍ය කුමාර් හට හිමිව ඇති වුව ද; පාණ්ඩ්‍යා සංචිතයේ කොටස්කරුවෙකු ලෙස ක්‍රියාත්මක වනු ඇහ්ටි.

නමුත් ඔහු ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන එක්දින තරගාවලියට එක් වන්නේ නම් නැහැ.

WhatsApp Image 2024 07 19 at 09.16.13 1


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
01:12:31
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
03:37:10
Video thumbnail
අධිකරණ ඇමතිගෙන් රැඳවියන්ගේ ඥාතීන්ට පණිවිඩයක් - ඉතා ඉක්මනින් රස පරීක්ෂණ වාර්තා දෙනවා
04:27
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරය ඥාතීන් ඇවිත් උණුසුම් තත්ත්වයක් - හිඟාකන්නද කියන්නේ ?එකෙක්වත් යන්න එපා
05:24
Video thumbnail
ගැම්මට අධිකරණයට පැමිණි චින මල්ලිට වෙච්ච දේ බලන්නකෝ - මොකක්ද ඒ බිමට වැටුණේ ?
01:19
Video thumbnail
ශිරාණි බණ්ඩාරනායක ගෙදර යවලා අවුරුදු දෙකෙන් මහින්ද ගෙදර ගියා - ග#න ගැ#ල්ලට ඉඩ දෙන්න එපා
15:40
Video thumbnail
පොහොට්ටුවේ මීනු ආණ්ඩුවට රිදෙන්න දෙයි - එක සද්දයයි ආවේ පාතාලයට බයවුණා
05:22
Video thumbnail
ටිල්වින් කිව්ව අමුතු කතාව - සදා මිස් මට වැඩිය කතා කරන්නේ නෑ..මැසේජ් තමයි එවන්නේ
04:41
Video thumbnail
අභියාචනාධිකරණ 9ක් කරන්න හදන්නේ - මේ රාජ්‍ය ඉවරයි - මම කැමති නෑ ඒකට
07:24
Video thumbnail
ඉස්සර හොරකම් කරපු හොරු වගේම දැන් හොරකම් කරපු හොරුත් ඉන්නවනේ - දැන් දාන්නේ පැලැස්තර..
14:52