අවසන් මහා සටනේ අසුනක් ගාල්ලෙන් වෙන් කරගනියි – තීරණාත්මක තරගයක් හෙටත්

මෙවර ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට ගෝල් මාර්වල්ස් කණ්ඩායම ඊයේ (18) සමත් වුණා.

ඊයේ පස්වරු 03 සහ රාත්‍රී 07 කණ්ඩායම් හතරක් අතර අවසන් මහා සටනට සුදුසුකම් ලැබීමේ තරග දෙකක් පැවැත්වුණු අතර; එම තරගයෙන් ජයග්‍රහණය ලද පළමු කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ අවරෝහණ පටිපාටියට අවසන් මහා සටනට සුදුසුකම් ලබනු ඇති.

ඊයේ පස්වරුවේ ගෝල් මාර්වල්ස් සහ ජැෆ්නා කින්ග්ස් කණ්ඩායම අතර පළමු අවසන් මහා සටනට සුදුසුකම් ලැබීමේ තරගය පැවැත්වුණා.

කාසියේ වාසිය දිනූ ගෝල් නායක නිරෝෂන් දික්වැල්ල තීරණය කළේ පළමු ව පන්දු රැකීමටයි.

ඒ අනුව ප්‍රතිවාදී ජැෆ්නාවරුන්ගෙන් පන්දුවාර 20 අවසානයේ දී ලකුණු 177ක ඉලක්කයක් ගාලු කණ්ඩායමට හිමිවුණා.

කෙසේවෙතත් ගෝල් මාර්වල්ස් කණ්ඩායම කඩුලු 03ක් පමණක් දැවී සිටියදී ලකුණු 181ක් ලබා තරගය ජයග්‍රහණය කරමින් අවසන් මහා සටනට සුදුසුකම් ලැබූ පළමු කණ්ඩායම බවට පත් වුණා.

ඉන් අනතුරුව රාත්‍රියේ පැවති කැන්ඩිවරුන් සහ කොළොම්බු ස්ට්‍රයිකර්ස් අතර තරගයෙන් කොළඹ පරදා නුවර ජය ගත්තා.

ඒ කඩුලු දෙකක විශිෂ්ට ජයක් වාර්තා කරමින්.

කෙසේවෙතත් තරග නීතිරීති අනුව සහ ප්‍රසාද ලකුණු සටහනේ ප්‍රගතිය අනුව අවසන් මහා සටනට සුදුසුකම් ලබා ගැනීමට නම්; අර්ධ අවසන් පූර්ව තරගයේ දී පරාජයට පත් වූ කණ්ඩායම් දෙක අතර තවත් තරගයකට මුහුණදීමට සිදු වනු ඇති.

එම තරගය හෙට (20) රාත්‍රී 7.30ට ආරම්භ වන්නේ ජැෆ්නා කින්ග්ස් සහ කැන්ඩි ෆැල්කන්ස් අතර යි.

මේ වනවිටත් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ සිටින ගෝල් මාර්වල්ස් කණ්ඩායම ඊයේ ලද ජයත් සමග සෘජු ව අවසන් මහා තරගයට පිවිසීම සඳහා සිය අසුන වෙන් කරගත්තා.

හෙට පැවැත්වෙන තරගයෙන් ජය ගන්නා කණ්ඩායම එළඹෙන 21 වැනි දා අවසන් මහා සටනට ගාල්ලට එරෙහිව තරග වදිනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| සමගි ජන බලවේගයේ පා.ම එස්. එම් මරික්කාර් සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
2019යේ පාස්කු ප්‍ර#රය වුණේ නැත්තම් සජිත් ජනාධිපතිවරණය දිනනවා..
06:32
Video thumbnail
සත්‍යග්‍රහයට මහ රෑම සුගීෂ්වර, අනුරාධා ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම එයි
01:22
Video thumbnail
ජනපතිගේ ආන්දෝලනාත්මට ඡායාරූපයක් ලීක්වෙයි ? සෙනෙහසේ කැඳැල්ල ගැන ඇස් උඩයන කරුණු රැසක් එළියට
28:36
Video thumbnail
සජිත් නිසා කථානායකට යකා නගියි - හොරාකාපු ඩොලර් මිලියන 2.5 ගැන සජිත් කට අරියි
09:36
Video thumbnail
අම්මා කෙනෙක් නාමල්ගේ අත අල්ලලා කිව්ව දේ
01:19
Video thumbnail
මන්ත්‍රී කොටියව උත්තරීතර පාර්ලිමේන්තුවෙන් නෙරපා දාන්න
00:59
Video thumbnail
සත්‍යග්‍රහයට මනුස්සයෙක් කඩා පනියි..උණුසුම් තත්ත්වයක්
00:31
Video thumbnail
රනිල්ගේ නඩුවට තොරතුරු එකතු කරන්න ගිය සිද්ධිය ගැන කතක් කට අරියි - තොරතුරු දැනගැනීමේ පනත බ##ට දාලා
07:22
Video thumbnail
ලක්මාලි නැගිටලා නාමල්ට හොඳ පදෙන්ම අමතයි - සිහිවිකල්වෙලා වගේ කතා කරන්න දෙන්න බෑ..මොන හයියක්ද ?
10:23