මුහුදේ පාවෙමින් ආ මත්පැන් බෝතලයක පානයක් බිවු අයෙක් මිය යයි

යාපනය වඩමාරච්චි නැගෙනහිර මුහුදු තීරයේ මුහුදේ පාවෙමින් ආ මත්පැන් බෝතලයක්යැයි සැකකෙරෙන බෝතලයක තිබූ දියරයක් පානය කිරීම හේතුවෙන් පුද්ගලයෙකු මිය ගොස් ඇතැයි පේදුරුතුඩුව පොලීසිය පවසයි.

අදාල බෝතලය වඩමාරච්චි නැගෙනහිර මුහුදුතීරයට පසුගිය09 දා සවස මුහුදු රළට හසු වී පාවි පැමිණ තිබූ අතර අනතුරුව එම බෝතලයමත්පැන් බෝතලයක් බව හඳුනාගෙන 08 දෙනෙකුගෙන් මණ යුත් පිරිසක් එය පානය කොට ඇත.

අනතුරුව එක් අයෙකු පානය කිරීමෙන් පසුව අසනීප වී පේදුරුතුඩුව රෝහලට රැගෙනවිත් ඇති අතර ඔහු (10) දින සවස මිය ගොස් ඇත.

කෙසේ වෙතත් අදාල මත්පැන් බවට සැකකෙරෙන බෝතලය පානය කල සෙසු පිරිසට අසනීප තත්වයක් ඇති නොවීම හේතුවෙන් මිය ගිය පුද්ගලයාට ඇති වූ තවත් අසනීප තත්වයක් හේතුවෙන් මිය යන්නට ඇති බවට පොලීසිය සැකපල කර සිටියි.

මිය ගිය පුද්ගලයාගේ සිරු පශ්චාත් මරණ පරික්ෂණයක් වෙතට යොමු කොට ඇති බවටත් එහි පරික්ෂණ පැමිණි පසුව මරණයට හේතුව පැවසිය හැකි බවටද පරික්ෂණ සිදුකරන පේදුරුතුඩුව පොලීසිය වැඩිදුරටත් පැවසීය.

මෙලෙස අදාල මත්පැන් පානයෙන් පසුව අසනීප වී මිය ගොස් ඇත්තේ වඩමාරච්චි නැගෙනහිර නගර්කෝවිල් ප්‍රදේශයේ පදිංචි තිදරු පියෙකු වූ 48 හැවිරිදි කන්දයියා ශ්‍රීකුමාර් නැමති අයෙකි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09