AFC Banner
Empty Ad
Empty Ad

තම බිරිඳ වෙනත් පුද්ගලයකුට මිතුරු කිරීමට වශී ගුරුකමක් කල කට්ටඩියකුට සිදු වු දේ

තම බිරිඳ වෙනත් පුද්ගලයකුට මිතුරු කිරීමට වශී ගුරුකමක් කර දුන්නේ යැයි සැක පිට එම ගුරුකම කළ බව කියන 43 හැවිරිදි කට්ටඩියකු පිහියෙන් ඇන ඝාතනය කළ සැකකරු පැල්මඩුල්ල පොලිසිය විසින් ඊයේ (11දා) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පැල්මඩුල්ල පොලිස් බල ප්‍රදේශයේ සන්නස්ගම පාළුගම්පොළ ප්‍රදේශයේ මෙම කට්ටඩියා පදිංචි නිවසේදී ඔහුට පිහියෙන් ඇන ඇත්තේ පෙරේදා (10දා) පස්වරුවේ බවයි වාර්තා වන්නේ. 43 හැවිරිදි විවාහක පුද්ගලයකු එලෙස මරණයට පත්වී තිබෙනවා. ඔහු දේවාලයක් පවත්වාගෙන යමින් ගුප්ත විද්‍යා කටයුතු සහ කට්ටඩියෙකු ලෙස කටයුතු කරගෙන ගිය අයකු බව පොලිසිය සඳහන් කළේ.

පිහි ඇනුමෙන් බරපතළ තුවාල ලද එම පුද්ගලයා පැල්මඩුල්ල රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් තිබෙනවා.  ඝාතනය සිදුකළ සැකකරු ඊයේ අලූයම දෙකට පමණ අත්අඩංගුවට ගත් බවයි අප කළ විමසීමකදී පැල්මඩුල්ල පොලිසිය සඳහන් කළේ.

තම බිරිඳ වෙනත් පුද්ගලයකුට මිතුරු කිරීම සඳහා මියගිය අය ගුප්ත විද්‍යා කටයුත්තක් සිදු කළේ යැයි සැකයෙන් ඔහුගේ මරණය සිදු කර ඇතැයි පොලිස් පරීක්ෂණවලදී හෙළිවී තිබෙනවා. පැල්මඩුල්ල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?