රට ඉඳන් ඇවිත් ගෙදර යද්දි පැහැරගත් පුද්ගලයාව STF එකෙන් බේරාගනියි

රුපියල් කෝටියක මුදලක් කප්පම් ලෙස ලබා ගැනීමට විදෙස්ගත ව සිට මෙරටට පැමිණි පුද්ගලයෙකු ව පැහැරගෙන ගොස් සිරකර තබා සිටියදී විශේෂ කාර් යය බලකායේ නිලධාරීන්ගේ මැදිහත් වීමෙන් නිරුපද්‍රිත ව මුදා ගැනීමට හැකි ව තිබෙනවා.

පැහැර ගැනීමට ලක් වූ තැනැත්තා කාලයක සිට කුවේට් රාජ්‍යයේ සේවය කර මෙරටට පැමිණ සිටි අයෙක් බවයි හෙළි ව ඇත්තේ.

එම පුද්ගලයාව පැහැර ගන්නා ලෙසට කුවේට් රාජ්‍යයේ පැහැර ගැනීමට ලක් වූ තැනැත්තා සේවය කළ ස්ථානයේ අයෙක් කොන්ත්‍රාත්තුව මෙරට සිටින පුද්ගලයින් සිව් දෙනෙකු වෙත ලබා දී ඇති බව ද හෙළි ව තිබෙනවා.

විශේෂ කාර්ය බලකාය කුරුණෑගල කඳවුරේ දෙවන කඳවුර අණදෙන නිලධාරී පොලිස් පරික්ෂක ඊ.පි.ඩි.එල්. ජයරත්න ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (17) දින මාවතගම පොලිස් වසමේ රන්දෙනිය හන්දිය අසල දී වැටලීමක් සිදු කර සැකකරුවන් ද අත් අඩංගුවට ගෙන පැහැර ගැනීමට ලක් වූ තැනැත්තාව මුදා ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙම පුද්ගලයා එදින කුවේට් සිට දිවයිනට පැමිණ ඇති අතර හෙතෙම ගුවන් තොටුපොළේ සිට මාතලේ ප්‍රදේශයට ගමන් කරමින් සිටියදියි පැහැර ගැනීමට ලක් ව තිබෙනවා.

පසුව එම පුද්ගලයා ව නාරම්මල – මැදගොඩ වැව පාර ඉහළ රන්මුතුගල ප්‍රදේශයේ පාළු නිවසක රඳවා සිටියදියි විශේෂ කාර්‍ය්ය බලකාය විසින් බේරාගනු ලැබුවේ.

මෙම පුද්ගලයාව පැහැර ගත් සැකකරුවන් නාරම්මල හා කටුපොත යන ප්‍රදේශවල පදිංචි 31-39 යන වයස්වල පසුවන්නන්.

පැහැරගැනීම සඳහා යොදාගත් කැබ් රථය ද පොලිස් භාරයට ගැනුණු අතර සිද්ධිය සම්බන්ධයෙන් මාවතගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
2
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මේ ආණ්ඩුවට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26