Empty Ad
AFC Banner
Empty Ad

LPL අවසන් පූර්ව වටයේ තරග අද

LPL තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමේ අවසන් පූර්ව වටයේ තරග අද (18) ආරම්භ වනවා.

ඒ මේ වනවිට ප්‍රසාද ලකුණු සටහනේ ද පෙරමුණේ සිටින ගෝල් මාර්වල්ස් කණ්ඩායම සහ ජැෆ්නා කින්ග්ස් කණ්ඩායම අතර යි.

අද (18) තරගය පස්වරු 03ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී ආරම්භ වනු ඇති.

අද තරගයෙන් ජය ගන්නා කණ්ඩායම එළඹෙන 21 වැනි දා රාත්‍රී 7.30ට පැවැත්වෙන ලංකා ප්‍රීමි‍යර් ලීග් අවසන් මහා තරගයට ක්‍රීඩා කරනු ඇති.

මේ අතර අවසන් මහා සටනට එක් වෙන දෙවැනි කණ්ඩායම තේරීමේ තරගය ද අද රාත්‍රියේ දී පැවැත්වෙනවා.

රාත්‍රී 7ට මෙම තරගය පැවැත්වෙන්නේ කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම සහ කොළොම්බු ස්ට්‍රයිකර්ස් අතර යි.

ඒ අනුව අද පැවැත්වෙන මෙම අවසන් පූර්ව වටයේ තරග ද්විතයෙන් ජයග්‍රහණය කරන කණ්ඩායම් දෙක එළඹෙන 21 වැනි දා රාත්‍රියේ දී අවසන් මහා සටනේ දී සම්මුඛ වනු ඇති.

ගෝල් මාර්වලස් කණ්ඩායම නිරෝෂන් දික්වැල්ල විසිනුත්, චරිත් අසලංක හට ජැෆ්නා නායකත්වයත් හිමිව තිබෙනවා.

වනිඳු හසංරග කැන්ඩි පිල මෙහෙයවන අතර තිසර පෙරේරා විසින් කොළොම්බු කණ්ඩායම මෙහෙයවනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේ රටට වෙන්න යන දේ හිතාගන්න බෑ - ඉක්මණට රනිල්ගේ උපදෙස් ගන්න
09:58
Video thumbnail
රනිල්ට එක කෝල් එකෙන් ට්‍රම්ප්ට්ට ගන්න පුළුවන් - රාජිත රහස් සියල්ල එළියට දායි
06:33
Video thumbnail
PRAHARAYA | හිටපු අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න සහභාගීවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන සජීවීව
01:03:55
Video thumbnail
රාජිත JVP එක නැත්තට නැති කරයි - විජේවීර කියන්නේ පට්ට ද්‍රෝහියෙක්
07:00
Video thumbnail
රාජිත ජනපතිගේ වීඩියෝවක් ලීක් කරයි
09:33
Video thumbnail
PRAHARAYA | හිටපු අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න සහභාගීවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන සජීවීව
29:37
Video thumbnail
ජනපති අනුර කරපු හොඳම කතාව
31:39
Video thumbnail
පාර්ලිමේන්තු සජිවී විකාශය - 2025.04.08
04:51:41
Video thumbnail
කොන්ද පණ නැති ජනාධිපති කෙනෙක් ඔයා - සාගර ජනපතිට ප්‍රසිද්ධියේ අභියෝග කරයි
07:22
Video thumbnail
ඇතුළේ ඉඳන් ආපු චාමර ඇස්වල කඳුළු පුරවන් කරපු කතාව
10:23

?