බාධක පසෙකලා ගුවන ජයගත් පුංචි Alle Sayers (ඡායාරූප)

Virgin Australia නමැති සුප්‍රසිද්ධ ගුවන් සමාගම සමග එක් ව වැඩ කටයුතු සිදු කිරීමට විශේෂ අවශ්‍යතා ඇති දරුවෙකුට මහඟු අවස්ථාවක් හිමිවීම සම්බන්ධයෙන් මේ දිනවල සමාජ මාධ්‍යයෙහි තොරතුරු හුවමාරු වනවා.

Virgin Australia නම් වූ මෙම ගුවන් සමාගමේ නිල ගුවන් සේවිකා ඇඳුමින් සැරසී සිටින්නේ Alle Sayers.

Alle Sayers යනු සාමාන්‍ය දරුවෙකු නොවන අතර ඇය විශේෂ අවශ්‍යතා ඇති තැනැත්තියක් ලෙසටයි සැලකෙන්නේ.

Alle ට ඩවුන් සින්ඩ්‍රෝම් (Down Syndrome) නමැති ස්නායු රෝගී තත්ත්වය පවතිනවා.

මේ හේතුවෙන් ඇය පීඩා විඳින අතර; කෙසේ නමුත් ඇය සිය අරමුණු කරා යාමට එය බාධාවක් සිදු කරගෙන නැහැ.

මේ වනවිට වාර්තා වන පරිදි Alle මැයි මාසයේ දී වර්ජින් ඔස්ට්‍රෙලියා සමග එක් ව ඇති අතර; ඇය එහි ස්ථිර මෙන් ම අර්ධකාලීන රැකියාවක් සිදු කරනවා.

ඇගේ මෙම විශිෂ්ට ජයග්‍රහණය ගැන ඇයගේ පියා වන ව්‍යාපාරික Luke Sayers ද ෆේස්බුක් හි සටහනක් තබමින් පවසා ඇත්තේ සිය දියණිය සම්බන්ධයෙන් තමන් ආඩම්බර වන බවත් ඇයගේ හැකියාවන් අසීමිත බවට විශ්වාස කරන බවයි.

එමෙන්ම සිය දියණියට මෙවැනි වටිනා රැකියා අවස්ථාවක් හිමිකර දීම වෙනුවෙන් ද ඇලී ගේ පියා විසින් වර්ජින් ඔස්ට්‍රෙලියා ගුවන් සමාගමට සිය විශේෂ ස්තුතිය පුද කර සිටීමට ද අමතක කර නැහැ.

Virgin Australia සමාගම සෑම පුද්ගලයෙකුගේ ම සුවිශේෂත්වය වඩාත් හොඳින් අවබෝධ කරගැනීම කාගෙත් පැසසුමට ලක් කාරණාවක් බවට මේ වනවිට ප්‍රසිද්ධ වී හමාරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
12
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උඹේ පවුලම උස්සනවා බලාගනින් - අනවසර නිවසක් ඉවත්කරන්න යද්දී ඇති වූ උණුසුම් තත්ත්වය
02:10
Video thumbnail
ඇමතිවරු දැන් පිස්සු කෙ#න්නේ - මාධ්‍යට අත තියන්න එපා
06:17
Video thumbnail
ආලෝකා පෙරටු කරගනිමින් සාම පාගමන ඉස්සරහට යන හැටි
00:47
Video thumbnail
මේ ආණ්ඩුව ගැන තිබුණු විශ්වාසය අද නැතිවුණා
04:00
Video thumbnail
ආණ්ඩුවේ වංචාව ගැන හොයන්න ආණ්ඩුවේ කට්ටියවම පත්කරලා
02:18
Video thumbnail
පන්නපු කන්ටේනර් 323 ගැන ජනාධිපතිතුමාගෙන් ප්‍රශ්න කරන්න ඕනේ
05:28
Video thumbnail
අර්චුනා එළියට දැම්ම පා.ම. වැටුප් ප්‍රශ්නයට නලින්ද පිළිතුරු දෙයි..අපි තරම් ආදර්ශ දීලා නෑ කවුරුත්ම
05:01
Video thumbnail
නාමල් ආණ්ඩුවට රිදෙන්නම දෙයි - රාජපක්ෂලාට බැන බැන තමන්ගේ ගිණුම්වලට සල්ලි දාගන්නවා
07:15
Video thumbnail
මාධ්‍ය නාලිකාවටනම් ලේසි වෙන්නේ නැතිවෙයි ?..ලාල්කාන්තගේ වත්කම් ප්‍රශ්නය කැබිනට් මාධ්‍ය හමුවේ ඇදෙයි
04:25
Video thumbnail
ජාතික වෙසක් දිනය වෙනස් වෙනවද ? නලින්ද සියල්ල හෙළිකරයි
04:16