හිටපු ඇමතිගේ සිරුර ඇළකින් සොයාගෙන

ඊසානදිග ඉන්දියාවේ සිකීම් ප්‍රාන්තයේ හිටපු අමාත්‍යවරයෙකුගේ සිරුර ඇළක පාවෙමින් තිබිය දී සොයාගත් බව ප්‍රාන්ත පොලිසිය පවසනවා.

80 හැවිරිදි පුද්‍යාල් නැමති මෙම හිටපු අමාත්‍යවරයාගේ සිරුර ඊයේ (16) ෆුල්බාරි හි ටීස්ටා ඇළේ පාවෙමින් තිබූ බව පොලිසිය සඳහන් කළේ.

මොහු දින 09ක සිට අතුරුදන්ව සිට ඇති බවයි මේ වනවිට කරුණු අනාවරණය වී ඇත්තේ.

ජූලි 07 වන දින ඔහුගේ උපන් ගම වන පාක්යොං දිස්ත්‍රික්කයේ චෝටා සින්ග්ටෑම් වෙතින් අතුරුදහන් වීමෙන් පසු ඔහු සෙවීම සඳහා විශේෂ විමර්ශන කණ්ඩායමක් යොදවා තිබුණා.

මේ අතර හිටපු අමාත්‍යවරයා පැළඳ සිටි ඔරලෝසුව සහ ඇඳ සිටි ඇඳුම්වලින් මෙලෙස මියගොස් ඇත්තේ ඔහු බවට හඳුනාගෙන තිබෙනවා.

හිමාලයානු ප්‍රාන්තයේ දේශපාලන භූ දර්ශනයේ ප්‍රධාන චරිතයක් ලෙස සැලකෙන මොහු සිකිම් සංස්කෘතික හා සමාජ ගතිකත්වය පිළිබඳ ගැඹුරු අවබෝධයක් තිබූ අයෙක් බවට ද ප්‍රසිද්ධියට පත්ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යෝෂිත සහ කරන්නාගොඩට අධිකරණයෙන් නියෝහයක්
00:55
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:17:34
Video thumbnail
159ගේම අත්වල දැන් ලේ තැවරී තියෙනවා
09:15
Video thumbnail
අනේ නාමල් දුවන්න එපා - පොඩ්ඩක් ඉන්නකෝ
10:20
Video thumbnail
නලින්ද වැස්සටවත් නීති විද්‍යාලය පැත්තට ගිහින් නෑ
10:41
Video thumbnail
රටේ වත්මන් තත්ත්වය ගැන ඇමති නලින්දගෙන් ප්‍රබල ප්‍රකාශයක් - වසංගතවලට වුණත් අපිට මුහුණ දෙන්න පුළුවන්
04:57
Video thumbnail
චාමික කරුණාරත්නට එරෙහි නඩුවට අද ලැබුණු තීන්දුව මෙන්න - "බබාට බලාපොරොත්තු වෙච්ච දේ වුණේ නෑ"
01:31
Video thumbnail
නාමල් දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
10:32
Video thumbnail
පාස්කුවේ සාධාරණයක් වෙලා නෑ..ඒක පට්ටපල් බොරු - මරික්කා‍ර් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
14:05
Video thumbnail
ආපු හැමෝවම නටවපු මෛත්‍රීගේ සුපිරි සින්දුව
00:40