AFC Banner
Empty Ad
Empty Ad

හිටපු ඇමතිගේ සිරුර ඇළකින් සොයාගෙන

ඊසානදිග ඉන්දියාවේ සිකීම් ප්‍රාන්තයේ හිටපු අමාත්‍යවරයෙකුගේ සිරුර ඇළක පාවෙමින් තිබිය දී සොයාගත් බව ප්‍රාන්ත පොලිසිය පවසනවා.

80 හැවිරිදි පුද්‍යාල් නැමති මෙම හිටපු අමාත්‍යවරයාගේ සිරුර ඊයේ (16) ෆුල්බාරි හි ටීස්ටා ඇළේ පාවෙමින් තිබූ බව පොලිසිය සඳහන් කළේ.

මොහු දින 09ක සිට අතුරුදන්ව සිට ඇති බවයි මේ වනවිට කරුණු අනාවරණය වී ඇත්තේ.

ජූලි 07 වන දින ඔහුගේ උපන් ගම වන පාක්යොං දිස්ත්‍රික්කයේ චෝටා සින්ග්ටෑම් වෙතින් අතුරුදහන් වීමෙන් පසු ඔහු සෙවීම සඳහා විශේෂ විමර්ශන කණ්ඩායමක් යොදවා තිබුණා.

මේ අතර හිටපු අමාත්‍යවරයා පැළඳ සිටි ඔරලෝසුව සහ ඇඳ සිටි ඇඳුම්වලින් මෙලෙස මියගොස් ඇත්තේ ඔහු බවට හඳුනාගෙන තිබෙනවා.

හිමාලයානු ප්‍රාන්තයේ දේශපාලන භූ දර්ශනයේ ප්‍රධාන චරිතයක් ලෙස සැලකෙන මොහු සිකිම් සංස්කෘතික හා සමාජ ගතිකත්වය පිළිබඳ ගැඹුරු අවබෝධයක් තිබූ අයෙක් බවට ද ප්‍රසිද්ධියට පත්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?