ඉතිහාසයේ පළමුවරට ඩයිනෝසර් ෆොසිලයක් වෙන්දේසියට

ඉතිහාසයේ පළමුවරට ඩයිනෝසර් ෆොසිලයක් වෙන්දේසියට සූදානම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

වසර මිලියන 150ක් පැරණි ස්ටෙගෝසෝරස් වර්ගයේ මෙම ඩයිනසෝරයාගේ අස්ථි ‘ඒපෙක්ස්’ යන නමින් හැදින්වෙනවා.

මෙම ස්ටෙගෝසෝරස් අස්ථි උසින් අඩි 11ක් සහ දිග අඩි 20ක්.

කොලරාඩෝ ප්‍රාන්තයේ මොරිසන් කැණීම් භූමියේ සිදුකළ කැනීම්වල දී 2022 වසරේ දී මෙය සොයාගනු ලැබුවා.

සොතබිස් වෙන්දේසි සමාගම විසින් ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර දී මෙම වෙන්දේසිය පැවැත්වෙනවා.

වෙන්දේසියේ දී මෙහි මූලික වටිනාකම ලෙස ඩොලර් මිලියන 04ත් 06ත් අතර අගයක් ඇස්තමේන්තු කිරීමත් සමඟ ලංසු තැබීම සිදුවනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්