AFC Banner
Empty Ad
Empty Ad

ඩයනා ගොනු කළ පෙත්සම ඉල්ලා අස්කර ගනී

සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමි කිරීමට සමගි ජන බලවේගය විසින් ගනු ලැබූ තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා හිටපු රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ විසින් ඉදිරිපත් කළ පෙත්සම අද (17) ශ්‍රේෂ්ඨාධිකරණය වෙතින් ඉල්ලා අස්කර ගත්තා.

එම පෙත්සම අද කැඳවනු ලැබූ අවස්ථාවේ දී ඩයනා ගමගේ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු සඳහන් කළේ අදාළ පෙත්සම තවදුරටත් පවත්වාගෙන යාමට අවශ්‍යතාවයක් නොමැති බවයි.

ඒ, අනුව එය ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන ලෙසත් නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඒ, අනුව අදාළ පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබාදුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
8
+1
1
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?