නිධානයක් ගොඩගනිමින් සිටි හිමිනමක් ඇතුළු හතරක් STF අත්අඩංගුවට (ඡායාරූප)

නිධානයක් ගොඩගැනීමට සූදානම් වූ හිමි නමක් ඇතුළු සිව්දෙනෙක් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (16) හොරොව්පතාන පොලිස් වසමේ මොරවැව ප්‍රදේශයේ දී සිදුකළ වැටලීමක දී මොවුන් පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

නිධන් වස්තු ලබාගැනීමේ අරමුණින් කැණීම් සිදුකරමින් සිටිය දී අත්අඩංගුවට ගැනුණු හිමිනම අම්බලන්ගොඩ මාතිත්තිය පිරිවෙනේ හිමිනමක් වන අතර, අනෙක් සැකකරුවන් හොරොව්පතාන, මොරවැව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් බවයි විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.

ඔවුන් 23 සහ 42 යන වයස්වල පසුවන අය වන අතර, සැකකරුවන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා හොරොව්පතාන පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.

මෙහිදී කැණීම් සඳහා යොදාගන්නා ලද උපකරණ හා පූජා භාණ්ඩ ද විශේෂ කාර්ය බලකා නිලධාරීන් භාරයට ගැනීමටයි කටයුතු කර ඇත්තේ.

WhatsApp Image 2024 07 17 at 7.31.44 AM
WhatsApp Image 2024 07 17 at 7.31.43 AM 1
WhatsApp Image 2024 07 17 at 7.31.43 AM
WhatsApp Image 2024 07 17 at 7.31.42 AM
  1. මෙහි හිමි නමක් ලෙස සදහන් අය චීවර ධාරියෙක් සේ ඇමතීම වඩා සුදුසුයි. අද සමාජයේ චීවරයේ නිවැරදි අදහස හදුනා නොගත්, සසරින් එතෙර වීම පසෙක ලා ආශාවන් පසුපස හඹා යන්නන් නිසා චීවරය හෑල්ලු වී ඇත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12