AFC Banner
Empty Ad
Empty Ad

කොටුව දුම්රිය ස්ථාන ඉදිරිපිට නාඳුනන මළ සිරුරක්

කොළඹ – කොටුව දුම්රිය ස්ථාන ඉදිරිපිට මාර්ගයේ තිබී නාඳුනන පුද්ගලයකුගේ මළ සිරුරක් හමුව තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ ඊයේ (14) රාත්‍රී ලද තොරතුරකට අනුව මෙම මළ සිරුර සොයාගත් බවයි.

මියගොස් සිටි පුද්ගලයාගේ අනන්‍යතාවය තහවුරු වී නොමැති අතර, ඔහු අවුරුදු 60-65 අතර වයසේ පසුවන අයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

තලෙළු කෙට්ටු සිරුරකින් යුත් මෙම පිරිමි පුද්ගලයා අවසන් වරට අත්කොට කමිසයක් සහ රතු පැහැති සරමක් ඇඳ සිටි බවයි පොලිසිය වැඩිදුටත් පවසන්නේ.

මෘත ශරීරය හදිසි මරණ පරීක්ෂණය සිදුකර මේ වනවිට කොළඹ ජාතික රෝහලේ තැන්පත්කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?