මුලතිව් සමූහ මිනීවළේ කැණීම් කටයුතු අවසන් – වාර්තාව හෙට (ඡායාරූප)

මුලතිව් – කොක්කුතුඩුවායි සමූහ මිනීවළෙහි කැණීම් කටයුතු අද (15) අවසන් කෙරුණා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; මෙම සමූහ මිනීවළෙහි කැණීම් කටයුතු තුළින් මිනිස් සිරුරුඅ 52කකට අදාක අස්ථි කොටස් ගොඩගත් බව කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යේෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව පැවසූ බවයි.

මුලතිව් සිට කෝකිලායි දක්වා දිවෙන මාර්ගය පැවති කොටසේ පවතින කොක්කුතුඩුවායි සමූහ මිනිවළ හෑරීම තුළින් අද මිනිස් සිරුරු පහකට අදාළ අස්ථි කොටස් ගොඩගත් බව ද සෝමදේව මහාචාර්‍යවරයා කියා සිටියා.

මහාචාර්‍ය්වරයා පැවසූවේ සිව්වන අදියර සම්පූර්ණ කැණීම් තුළින් අදාළ මිනිස් සිරුරු 12කට අස්ථි ගොඩගැනීම සිදුකළ බවයි.

සමූහ මිනිවළ කැණීම් කටයුතු මෙලෙස අවසන් කොට ඇති බවත්, එහි අවසන් වාර්තාව හෙට (16) දිනයේ මුලතිව් මහේස්ත්‍රාත්වරයා වෙත නිකුත් කිරීමට නියමිත බවත් පුරාවිද්‍යා මහාචාර්‍යවරයා වැඩිදුරටත් සිය පර්‍යේෂණය ගැන සඳහන් කරමින් පැවසුවා.

ආරක්ෂක අංශ භාවිතා කරන පතුරම් උණ්ඩ කිහිපයක්, කැළෑ ඇඳුමකට සමාන ඇඳුම් කොටස්, කම්බි කොටස් කිහිපයක් හා එල්. ටී. ටී.ඊ සංවිධානයේ සාමාජිකයින් හඳුනා ගැනීමට භාවිතා කළේ යැයි සැක කරන අංක තහඩු, සයිනයිඩ් කරලක් ද, සිව්වන අදියරේ මතුකර ගැනීමට හැකි ව ඇති බවත් සඳහන්.

සමූහ මිනිවළ අස්ථි කොටස් විහිදී ඇති බවට සැක කරන සමූහ මිනීවළ ආසන්නයේ පවතින මුලතිව් සිට කෝකිලායි දක්වා දිවෙන මාර්ගය හෑරීමේ කටයුතු 05 වැනිදා ආරම්භ කළ අතර, හැරීම සිදුකළ මාර්ගයට අයත් සීමාවේ කැණීම් තුළින් අස්ථි කොටස් මතු කරගෙන තිබුණා.

මුලතිව් මහේස්ත්‍රාත් ධර්මලිංගම් ප්‍රදීපන් මහතාගේ අධික්ෂණය යටතේ කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යේෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව, මුලතිව් දිස්ත්‍රික් රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි කනකසභාපති වාසුදේව ඇතුළු කැණීම් නිලධාරීන් පිරිසක් මීට අද දිනයේ දී එක්ව සිටියා.

Kokkuthuduwai 14
Kokkuthuduwai 16
Kokkuthuduwai 17
Kokkuthuduwai 18


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32
Video thumbnail
අභිරහස් ලෙස මහ පාරේ අවසන් ගමන් ගිය පුද්ගලයා
01:44
Video thumbnail
ජනාධිපතිතුමා කියන පච ගැන කිව්වා විතරයි, මගේ ෆේස්බුක් පේජ් එකක් සස්පන්ඩ් වුණා
04:18