කැන්ඩිවරුන්ට ජයක් – කොළඹින් ගාල්ලට ඇරයුමක්

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී අද (15) දඹුල්ල සික්සර්ස්වරුන්ට එරෙහි ව පැවති තරගයෙන් ලකුණු 54ක ජයක් වාර්තා කරන්නට කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ දඹුලු කණ්ඩායමේ නායක නබීගේ ආරාධනයක් මත පළමු ව පිතිකරණය ඇරඹුවේ කැන්ඩි කණ්ඩායමයි.

ඔවුන් පන්දුවාර 20 අවසානයේ කඩුලු 04ක් දැවී දැවැන්ත ලකුණු 222ක් ලබා ගත්තා.

එහිදී වටිනා ඉනිමක් ක්‍රීඩා කරමින් ඇන්ඩෘ ෆ්ලෙචර් ලකුණු 60ක් රැස් කළා.

ඔහුට අගනා සහායක් වෙමින් කමිඳු මෙන්ඩිස්ගෙන් නොදැවී ලකුණු 51ක් සහ ඇන්ජිලෝ මැතිව්ස්ගෙන් නොදැවී ලකුණු 44ක් කණ්ඩායමේ ලකුණු පුවරුව ඉහළට ඔසවන්නට හිමි වුණා.

කඩුලු බිඳ දැමීමේ දී දඹුලු කණ්ඩායම වෙනුවෙන් දුෂාන් හේමන්තට කඩුලු 03ක් සහ සොනාල් දිනූෂට එක් කඩුල්ලක් හිමිවුණා.

ජයග්‍රහණයට ලකුණු 223ක ඉලක්කයක් හඹා යෑම ඇරඹූ දඹුලු කණ්ඩායමට එය සිතූ තරම් පහසු වූයේ නැහැ.

මුල් පෙළ පිතිකරුවන් අඩු ලකුණකට දැවී යද්දී හුදෙකලා ඉනිමක් ක්‍රීඩා කළ කුසල් පෙරේරා අදත් සුපුරුදු දස්කම් අතරට පිවිසෙමින් ලකුණු 74ක් රැස් කළා.

නමුත් ඔහුගේ ලකුණු ප්‍රමාණය කණ්ඩායමේ ජයග්‍රහණයට නම් ප්‍රමාණවත් වූයේ නැහැ.

මාක් චැප්මන් ලකුණු 24යි.

කඩුලු බිඳ දැමීමේ දී වනිඳු හසරංග කඩුලු 04ක් ද දසුන් ශානක කඩුලු 03ක් සහ එක් කඩුල්ලක් මොහොමඩ් හස්නේන් විසින් බිඳ දමනු ලැබුවා.

තරගයේ වීරයා සම්මානයේ ලකුණු 35කට කඩුලු 04ක්, විශිෂ්ට උඩ පන්දු 03ක් රැකගත් සහ පිතිකරණයේ දී පන්දු 12කට ලකුණු 25ක් ලබා ගත් නායක හසරංගට හිමිවුණා.

මෙම තරග ජයත් සමග කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම මෙවර එල්.පී. එල් තරගාවලියේ අවසන් අඩියේ රැඳී සිටිමින් එක් ස්ථානයක් ඉහළට ඒමට සමත් වූ අතර ඒ සැණින් මුහුණ දුන් තරග 07න් 05ක් පරාජයට පත් වූ දඹුලු කණ්ඩායම අවසන් ස්ථානයට ඇද වැටුණා.

මේ අතර මේ වනවිට කොළොම්බු ස්ට්‍රයිකර්ස් සහ ගෝල් මාර්වලස් අතර තරගයක් පැවැත්වෙනවා.

කොළොම්බු නායක තිසර පෙරේරා කාසියේ වාසිය දිනා ගනිමින් පළමු ව පන්දු යැවීම තෝරාගත්තා.

මේ වනවිට ගෝල් මාර්වලස් කණ්ඩායම පන්දුවාරයකුත් පන්දු 02කුත් අවසානයේ කිසිවෙකු නොදැවී ලකුණු 05ක් ලබා සිටිනවා.

කඩුල්ලේ රැඳී සිටින්නේ නායක නිරෝෂන් දික්වැල්ල සමගින් හේල්ස්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
00:00
Video thumbnail
හර්ෂ තෙල් මිල වැඩි වෙනවා කියද්දි ජනපති එතනින් යයි
00:57
Video thumbnail
වැඩබලන අටමස්ථානාධිපති වෙච්ච අකරතැබ්බයක් ගැනත් හෙළිකරයි - ලියාපදිංචි නොවී දන්සල් දෙන්න බෑ
10:34
Video thumbnail
ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ බස් ගාස්තුත් වැඩිවෙයිද ?..මේක දේශපාලන මඩ ගැසීමක් වෙන්න ඕන
02:07
Video thumbnail
ඉන්ධන මිල වැඩි කිරීමට හේතුව ප්‍රසන්න හෙළිකරයි - තෙරපුම අඩු කර ගන්න කරපු වැඩි කිරීමක්
02:55
Video thumbnail
තල්පේ මුහුදේ අතුරුදහන් වූ 17ත් හැවිරිදි තරුණයාගේ සිරුර හමුවෙයි
00:51
Video thumbnail
අනිවාර්යෙන් තෙල් මිල වැඩි කරනවා..හර්ෂද සිල්වා හෙළිකරයි - හර්ෂ ආණ්ඩුවට අමතනකොට ජනපතිත් එතනින් යයි
03:43
Video thumbnail
දේදුන්නක් දැකලා ලි#ගික නැමියාවක් එනවා කියලා මහා කැම්පේන් කළානේ..ලැබෙන ලි#ගික අධ්‍යාපනය ප්‍රමාණවත් නෑ
06:21
Video thumbnail
හැකර් කොල්ලකෑව වාර්තාව පෞද්ගලික පරිශීලනයට ලැබුණ නිසා හර්ෂට යකා නගියි.."මේකට මට වග කියන්න බැහැ"
08:57
Video thumbnail
ළමයින්ට කැත වැඩ කළ හිමිවරුන් 300කට ආසන්න පිරිසක් ගැන හෙළිවෙලා..ඇයි මන්දගාමි ?
05:43