කැන්ඩිවරුන්ට ජයක් – කොළඹින් ගාල්ලට ඇරයුමක්

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී අද (15) දඹුල්ල සික්සර්ස්වරුන්ට එරෙහි ව පැවති තරගයෙන් ලකුණු 54ක ජයක් වාර්තා කරන්නට කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ දඹුලු කණ්ඩායමේ නායක නබීගේ ආරාධනයක් මත පළමු ව පිතිකරණය ඇරඹුවේ කැන්ඩි කණ්ඩායමයි.

ඔවුන් පන්දුවාර 20 අවසානයේ කඩුලු 04ක් දැවී දැවැන්ත ලකුණු 222ක් ලබා ගත්තා.

එහිදී වටිනා ඉනිමක් ක්‍රීඩා කරමින් ඇන්ඩෘ ෆ්ලෙචර් ලකුණු 60ක් රැස් කළා.

ඔහුට අගනා සහායක් වෙමින් කමිඳු මෙන්ඩිස්ගෙන් නොදැවී ලකුණු 51ක් සහ ඇන්ජිලෝ මැතිව්ස්ගෙන් නොදැවී ලකුණු 44ක් කණ්ඩායමේ ලකුණු පුවරුව ඉහළට ඔසවන්නට හිමි වුණා.

කඩුලු බිඳ දැමීමේ දී දඹුලු කණ්ඩායම වෙනුවෙන් දුෂාන් හේමන්තට කඩුලු 03ක් සහ සොනාල් දිනූෂට එක් කඩුල්ලක් හිමිවුණා.

ජයග්‍රහණයට ලකුණු 223ක ඉලක්කයක් හඹා යෑම ඇරඹූ දඹුලු කණ්ඩායමට එය සිතූ තරම් පහසු වූයේ නැහැ.

මුල් පෙළ පිතිකරුවන් අඩු ලකුණකට දැවී යද්දී හුදෙකලා ඉනිමක් ක්‍රීඩා කළ කුසල් පෙරේරා අදත් සුපුරුදු දස්කම් අතරට පිවිසෙමින් ලකුණු 74ක් රැස් කළා.

නමුත් ඔහුගේ ලකුණු ප්‍රමාණය කණ්ඩායමේ ජයග්‍රහණයට නම් ප්‍රමාණවත් වූයේ නැහැ.

මාක් චැප්මන් ලකුණු 24යි.

කඩුලු බිඳ දැමීමේ දී වනිඳු හසරංග කඩුලු 04ක් ද දසුන් ශානක කඩුලු 03ක් සහ එක් කඩුල්ලක් මොහොමඩ් හස්නේන් විසින් බිඳ දමනු ලැබුවා.

තරගයේ වීරයා සම්මානයේ ලකුණු 35කට කඩුලු 04ක්, විශිෂ්ට උඩ පන්දු 03ක් රැකගත් සහ පිතිකරණයේ දී පන්දු 12කට ලකුණු 25ක් ලබා ගත් නායක හසරංගට හිමිවුණා.

මෙම තරග ජයත් සමග කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම මෙවර එල්.පී. එල් තරගාවලියේ අවසන් අඩියේ රැඳී සිටිමින් එක් ස්ථානයක් ඉහළට ඒමට සමත් වූ අතර ඒ සැණින් මුහුණ දුන් තරග 07න් 05ක් පරාජයට පත් වූ දඹුලු කණ්ඩායම අවසන් ස්ථානයට ඇද වැටුණා.

මේ අතර මේ වනවිට කොළොම්බු ස්ට්‍රයිකර්ස් සහ ගෝල් මාර්වලස් අතර තරගයක් පැවැත්වෙනවා.

කොළොම්බු නායක තිසර පෙරේරා කාසියේ වාසිය දිනා ගනිමින් පළමු ව පන්දු යැවීම තෝරාගත්තා.

මේ වනවිට ගෝල් මාර්වලස් කණ්ඩායම පන්දුවාරයකුත් පන්දු 02කුත් අවසානයේ කිසිවෙකු නොදැවී ලකුණු 05ක් ලබා සිටිනවා.

කඩුල්ලේ රැඳී සිටින්නේ නායක නිරෝෂන් දික්වැල්ල සමගින් හේල්ස්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37
Video thumbnail
මොඩියුලවල පිටු ග#වලා NPP සමරු පොතේ අලවගන්න..දණගාලා බඩගාලා එන්න කියන එක සාධාරණද ?
07:52
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා"
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39


?