පියුමි ව අත්අඩංගුවට නොගන්න – අධිකරණයෙන් දැනුම්දීමක්

මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් විමර්ශනයකට භාජනය වී සිටින නිරූපණ ශිල්පිණියක වන පියුමි හංසමාලි ලබන සැප්තැම්බර් මස 20 වනදා දක්වා අත්අඩංගුවට ගැනීමක් නොකරන බවට අභියාචනාධිකරණය හමුවේ නීතිපතිවරයා විසින් දැනුම් දී තිබෙනවා.

එහෙත් පියුමි හංසමාලිට එරෙහි විමර්ශන බාධාවකින් තොරව ඉදිරියට පවත්වාගෙන යා හැකි බවත් අධිකරණය සඳහන් කළා.

තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා පියුමි හංසමාලි විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් අද (15) අභියාචනාධිකරණය හමුවේ සලකා බැලූ අවස්ථාවේ දී මෙම දැනුම්දීම සිදු කළා.

මෙම පෙත්සම අද අභියාචනාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණා මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරයා අධිකරණයට දන්වා සිටියේ විමර්ශන කටයුතු අවසන් වනතුරු පෙත්සම්කාරිය අත්අඩංගුවට ගැනීමක් නොකරන බවයි.

ඒ අනුව පෙත්සම වැඩිදුර සලකා බැලීම සඳහා සැප්තැම්බර් මස 20 වන දා කැඳවීමටද දින නියම වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
0
+1
9
+1
0
+1
1
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08