ගේට්ටුවත් කඩාගෙන ඇවිත් සාදය හමාර කළ කැබ් රථ රියදුරා – දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළයි (වීඩියෝ)

තණමල්විල, කුමාරගම ප්‍රදේශයේ නිවසක පැවති උපන් දින සාදයක් අතර තුර සිදුකළ අනතුරකින් සහ ගැටුමකින් පුද්ගලයන් සිව්දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

ඊයේ රාත්‍රියේ සාදය පැවැත්වෙමින් තිබෙන අතර තුර පුද්ගලයෙක් එම නිවසේ ගේට්ටුව ද කඩාගෙන කැබ් රථයක් ධාවනය කර ඇති බවයි වාර්තා වුණේ.

එම අවස්ථාවේ දී සාදයට සහභාගී වී සිටි පුද්ගලයින් තිදෙනෙක් තුවාල ලබා ඇති බවයි වාර්තා වුණේ.

පසුව කැබ් රථය ධාවනය කළ පුද්ගලයාට පිරිසක් විසින් පහර දී තිබෙනවා.

මෙහිදී තුවාල ලැබූ පුද්ගලයින් සිව්දෙනෙකු හම්බන්තොට සහ ඇඹිලිපිටිය යන රෝහල්වලට ඇතුළත් කර ඇති අතර, ඉන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

සාදය පැවති නිවසේ හිමියන් සමඟ ඇති පුද්ගලික ආරවුලක් හේතුවෙන් මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමේ අරමුණින් කැබ් රථයේ රියදුරු මෙම අනතුර සිදුකර ඇති බවට පසුව අනාවරණය වී තිබෙනවා.

අදාළ පුද්ගලයාට එරෙහිව මත්ද්‍රව්‍ය ජාවරම් කිරීම ඇතුළු අපරාධ රැසකට එරෙහිව අධිකරණයේ නඩු විභාග වෙමින් පවතින බවට වාර්තා වනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් තණමල්විල පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39