Empty Ad
AFC Banner
Empty Ad

2025 චැම්පියන්ස් කුසලානයට එක්වීමට ශ්‍රී ලංකාවට අවස්ථාවක් ?

2025 ශූරයින්ගේ කුසලානය වෙනුවෙන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම පාකිස්තානයේ සංචාරය කිරීම අවිනිශ්චිත තත්ත්වයක පවතිනවා.

මෙම තරගාවලියේ සියලුම තරග පාකිස්තාන තුළ පැවැත්වෙන අතර, ඉන්දියාව සහ පාකිස්තානය අතර පවතින දේශපාලනික අර්බුද සහ ගැටුම් හේතුවෙනුයි ඉන්දීය කණ්ඩායම මෙම තරගාවලියට එක්වීම අවිනිශ්චිත වී ඇත්තේ.

මේ අතර ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය (BCCI) ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් (ICC) තරඟාවලිය පාකිස්තානයෙන් පිටතට ගෙන යාමට හෝ ඉන්දියාවේ තරග මධ්‍යස්ථ ස්ථානයක පවත්වන ලෙස ඉල්ලා තිබෙනවා.

කෙසේ නමුත් එම ඉල්ලීම් සම්බන්ධයෙන් තවමත් තීරණයක් ලබා දී නැහැ.

ඉන්දියාව මෙම තරගාවලියට නොයන බවට මෑතක දී ඇතැම් මාධ්‍ය වාර්තා පළ වූ අතර, එම වාර්තාවලට පිළිතුරු ලබා දෙමින් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ උප සභාපති රජීව් ශුක්ලා එම වාර්තා ප්‍රතික්ෂේප කර තිබෙනවා.

“එවැනි තොරතුරු ලබා දුන්නේ කුමන මූලාශ්‍රයක්දැයි අපි දන්නේ නැහැ. BCCI මේ සම්බන්ධයෙන් කිසිදු නිල තොරතුරක් නිකුත් කරලත් නෑ.” යනුවෙන් උප සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරනවා.

2008 ආසියානු කුසලානයෙන් පසු ඉන්දීය කණ්ඩායම පාකිස්තානයට ගොස් නොමැති අතර, පසුගිය වසරේ ආසියානු කුසලාන තරඟාවලියේ සත්කාරකත්වය පාකිස්තානයට හිමි වූ නමුත් ඉන්දීය කණ්ඩායමේ තරග ශ්‍රී ලංකාවේ පැවැත්වීමටයි කටයුතු කළේ.

මේ අතර ඉන්දීය කණ්ඩායම චැම්පියන්ස් කුසලානයෙන් ඉවත් වුවහොත්, 2023 එක්දින ලෝක කුසලාන ශ්‍රේණිගත කිරීම්වල 09 වැනි ස්ථානයට පත් ශ්‍රී ලංකාවට මෙම තරගාවලියට සහභාගීවීමට අවස්ථාව හිමි වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
9
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේ රටට වෙන්න යන දේ හිතාගන්න බෑ - ඉක්මණට රනිල්ගේ උපදෙස් ගන්න
09:58
Video thumbnail
රනිල්ට එක කෝල් එකෙන් ට්‍රම්ප්ට්ට ගන්න පුළුවන් - රාජිත රහස් සියල්ල එළියට දායි
06:33
Video thumbnail
PRAHARAYA | හිටපු අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න සහභාගීවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන සජීවීව
01:03:55
Video thumbnail
රාජිත JVP එක නැත්තට නැති කරයි - විජේවීර කියන්නේ පට්ට ද්‍රෝහියෙක්
07:00
Video thumbnail
රාජිත ජනපතිගේ වීඩියෝවක් ලීක් කරයි
09:33
Video thumbnail
PRAHARAYA | හිටපු අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න සහභාගීවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන සජීවීව
29:37
Video thumbnail
ජනපති අනුර කරපු හොඳම කතාව
31:39
Video thumbnail
පාර්ලිමේන්තු සජිවී විකාශය - 2025.04.08
04:51:41
Video thumbnail
කොන්ද පණ නැති ජනාධිපති කෙනෙක් ඔයා - සාගර ජනපතිට ප්‍රසිද්ධියේ අභියෝග කරයි
07:22
Video thumbnail
ඇතුළේ ඉඳන් ආපු චාමර ඇස්වල කඳුළු පුරවන් කරපු කතාව
10:23

?