බූස්ස බන්ධනාගාරයේ ලොක්කෙක්ට ඩුබායිවලින් තර්ජනයක්

බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ සහකාර බන්ධනාගාර අධිකාරිවරයාගේ නිවසට පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙක් තර්ජනය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භකර තිබෙනවා.

සහකාර බන්ධනාගාර අධිකාරිවරයාගේ කටුනායක ප්‍රදේශයේ පිහිටි නිවසට පසුගිය දා (11) පැමිණි මෙම නාඳුනන පුද්ගලයින් දෙදෙනා එහි සිටි අධිකාරිවරයාගේ පියාට ඩුබායි හි සිටින හීනටියන සංඛ නැමැත්තාගෙන් යැයි පවසා දුරකථන ඇමතුමක් සම්බන්ධ කර ඇති බව සඳහන්.

එහිදී අධිකාරිවරයා බූස්ස බන්ධනාගාරය තුළ සිදුකරන සෝදිසි කටයුතු නවතා දමන ලෙසට එම පුද්ගලයා තර්ජනය කර ඇති බවයි වාර්තා වුණේ.

එම බන්ධනාගාරයේ විශේෂ අංශයේ සිදුකළ මෙහෙයුමක දී දුරකථන කිහිපයක් පසුගියදා සොයාගැනීම සම්බන්ධයෙන් බන්ධනාගාරයේ රඳවා සිටින පාතාල කල්ලි සාමාජිකයකු ද අධිකාරිවරයාගෙන් විමසීම් කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර ඝාතනයට ලක්වූ අපරාධ කල්ලි නායක මාකඳුරේ මදූෂ් අත්අඩංගුවට ගැනීම සඳහා ආරක්ෂක අංශ වෙත ඔත්තුව ලබාදුන් පළමු පුද්ගලයා ලෙස ක්ලබ් වසන්තව හඳුනාගෙන ඊට පළිගැනීමක් ලෙස ඔහුව ඝාතනය කළ බවට කංජිපානි ඉම්රාන් පවසා ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරනවා.

මාකඳුරේ මදූෂ් පිළිබඳව විමර්ශන සිදුකළ කොළඹ අපරාධ කොට්ඨාසයේ හා බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් ද ඝාතනය කරන බවට කංජිපානි ඉම්රාන් පවසා ඇති බවයි මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56