දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත 2024 කාන්තා ආසියානු ක්‍රිකට් කුසලාන තරගාවලියට සහභාගී වීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායම දිවයිනට පැමිණ තිබෙනවා.
අද (12) අලුයම 05.10ට කටුනායක ගුවන් තොටුපොළ වෙත ඔවුන් රැගත් ගුවන් යානය පැමිණි බවයි අප ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසුවේ.
මෙම තරගාවලිය එළැඹෙන ජුලි 19 දින සිට 28 දින දක්වා දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජාතික කණ්ඩායම ක්‍රීඩිකාවන් 19 දෙනෙකුගෙන් සමන්විත වන අතර ඔවුන් ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.













