AFC Banner
Empty Ad
Empty Ad

ක්ලබ් වසන්තගේ දේහය මහජන ගෞරව සඳහා තවමත් විවෘත නැහැ (වීඩියෝ)

පසුගිය 08 වැනි දින පෙරවරු 10.30ට පමණ අතුරුගිරිය ටැටූ හලක සිදු වූ වෙඩි තැබීමෙන් මියගිය මෙරට සුප්‍රසිද්ධ ව්‍යාපාරික ‘ක්ලබ් වසන්ත’ නොහොත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරාගේ දේහය මේ වනවිට (12) පවුලේ හිතවතුන් සඳහා ම පමණක් විවෘත කර තිබෙනවා.

ඒ බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල් ශාලාවක ප්‍රභූ පර්‍යන්තයේ යි.

නමුත් එම ස්ථානය තුළට ඇතුළුවීමට කිසිදු මාධ්‍යවේදියෙකුට හෝ සාමාන්‍ය සිවිල් වැසියෙකුට අවසරයක් මෙතෙක් ලබා දී නැහැ.

එමෙන්ම මල් ශාලාව අවට ප්‍රදේශයේ දැඩි ආරක්ෂාවක් යොදා තිබෙන බවත් වාර්තා වනවා.

හෙට (13) පස්වරු 4.30ට දේහය පිළිබඳ ව අවසන් කටයුතු සිදු කිරීමටත් අද උදෑසන 8.30 සිට රාත්‍රී 10 තෙක් මහජන ගෞරවයටත් විවෘත කිරීමට සැලසුම් සකස් කර තිබුණ ද ඒ සියල්ල ම එක් තර්ජනාත්මක දූරකථන ඇමතුමක් හේතුවෙන් අවලංගු කෙරුණා.

ඊයේ රාත්‍රී 11.50ට පමණ පෞද්ගලික මල් ශාලාවේ හිමිකරුගේ ආයතනයේ ඇති දූරකථනයට නන්නාඳුනන පුද්ගලයෙකු විසින් කතාකොට පවසා ඇත්තේ දේහය මල් ශාලාවේ තබා නොගන්නා ලෙසත්; ඊට අවනත නොවුණහොත් ඉදිරියේ දී ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදු විය හැකි බවයි.

මේ හේතුවෙන් අදාළ සිදුවීම සම්බන්ධයෙන් මල් ශාලාවේ හිමිකරු බොරැල්ල පොලිසිය පැමිණිල්ලක් ද සිදු කර තිබෙනවා.

ඉන් අනතුරුවයි මහජන ගෞරවයට නොතබා පවුලේ හිතවතුන්ට පමණක් එම දේහය විවෘත කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
4
+1
3
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?