ක්ලබ් වසන්තගේ දේහය මහජන ගෞරව සඳහා තවමත් විවෘත නැහැ (වීඩියෝ)

පසුගිය 08 වැනි දින පෙරවරු 10.30ට පමණ අතුරුගිරිය ටැටූ හලක සිදු වූ වෙඩි තැබීමෙන් මියගිය මෙරට සුප්‍රසිද්ධ ව්‍යාපාරික ‘ක්ලබ් වසන්ත’ නොහොත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරාගේ දේහය මේ වනවිට (12) පවුලේ හිතවතුන් සඳහා ම පමණක් විවෘත කර තිබෙනවා.

ඒ බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල් ශාලාවක ප්‍රභූ පර්‍යන්තයේ යි.

නමුත් එම ස්ථානය තුළට ඇතුළුවීමට කිසිදු මාධ්‍යවේදියෙකුට හෝ සාමාන්‍ය සිවිල් වැසියෙකුට අවසරයක් මෙතෙක් ලබා දී නැහැ.

එමෙන්ම මල් ශාලාව අවට ප්‍රදේශයේ දැඩි ආරක්ෂාවක් යොදා තිබෙන බවත් වාර්තා වනවා.

හෙට (13) පස්වරු 4.30ට දේහය පිළිබඳ ව අවසන් කටයුතු සිදු කිරීමටත් අද උදෑසන 8.30 සිට රාත්‍රී 10 තෙක් මහජන ගෞරවයටත් විවෘත කිරීමට සැලසුම් සකස් කර තිබුණ ද ඒ සියල්ල ම එක් තර්ජනාත්මක දූරකථන ඇමතුමක් හේතුවෙන් අවලංගු කෙරුණා.

ඊයේ රාත්‍රී 11.50ට පමණ පෞද්ගලික මල් ශාලාවේ හිමිකරුගේ ආයතනයේ ඇති දූරකථනයට නන්නාඳුනන පුද්ගලයෙකු විසින් කතාකොට පවසා ඇත්තේ දේහය මල් ශාලාවේ තබා නොගන්නා ලෙසත්; ඊට අවනත නොවුණහොත් ඉදිරියේ දී ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදු විය හැකි බවයි.

මේ හේතුවෙන් අදාළ සිදුවීම සම්බන්ධයෙන් මල් ශාලාවේ හිමිකරු බොරැල්ල පොලිසිය පැමිණිල්ලක් ද සිදු කර තිබෙනවා.

ඉන් අනතුරුවයි මහජන ගෞරවයට නොතබා පවුලේ හිතවතුන්ට පමණක් එම දේහය විවෘත කර ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිතුමාගේ වීඩියෝවක් පෙන්නලා සජිත් ආණ්ඩුවේ කට්ටියට සැරටම අමතයි
07:21
Video thumbnail
ආණ්ඩුවට කඩේ යන රන්ජන් රාමනායක එළියේ, ඥානසාර හාමුරුවෝ ඇතුලේ
01:57
Video thumbnail
අකුණු සන්නායකයක් නැතුව ඔයා එළියට බහින්න එපා - චාමර සම්පත් වසන්තට සැරටම දෙයි
10:40
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ ගුවන්තොටුපළෙන් එළියට එද්දි සහ අත්අඩංගුවට ගද්දි හිටපු හැටි
00:50
Video thumbnail
හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම අල්ලස් කොමිසමේ අත්අඩංගුවට
00:53
Video thumbnail
ඥානසාර හිමිට නව සිවුරක්.. හාම්දුරුවනේ ඕක ඇඳගන්න
00:42
Video thumbnail
නාමල් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම දෙයි
08:33
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු එකින් එක රාජිත හෙළිකරයි - අද නිදහස් සෞඛ්‍ය‍ය සේවයක් නෑ
12:48
Video thumbnail
මහා සංඝරත්නය ඥානසාර හිමිව අල්ලගනී - වැඩිකල් නෑ මේ ආණ්ඩුවට
03:31
Video thumbnail
අධිකරණයට ආපු ඥානසාර හිමි ඇඳුම ගැන කිව්ව දේ..
00:27