AFC Banner
Empty Ad
Empty Ad

ඉතාලිය ටෙනිස් ඉතිහාසයේ අමරණීය වෙයි

විම්බලන්ඩන් ටෙනිස් ඉතිහාසයේ කේවල කාන්තා ඉසව්වෙ අවසන් තරගයට සුදුසුකම් ලැබූ පළමු ඉතාලි ජාතික ක්‍රීඩිකාව ලෙස ඉතිහාසගත වන්නට ජස්මින් පලෝනී සමත් වුණා.

ඇය අතින් ඩොනා වෙකේජ් පරාජයට පත් වුණේ පැය දෙකයි මිනිත්තු 51 පුරා පැවති විම්බල්ඩන් ඉතිහාසයේ දීර්ඝතම කාන්තා කේවල අවසන් පූර්ව තරගයෙන් පසුවයි.

පලෝනීට පසුගිය මාසයේ පැවති ප්‍රංශ විවෘත තරගාවලියේ අනු ශූරතාවෙන් සෑහීමට පත්වන්නට සිදු වුණා.

කෙසේ වෙතත් සෙරීනා විලියම්ස්ට පසු අඛණ්ඩ ව ප්‍රංශ විවෘත සහ විම්බල්න්ඩන් අවසන් තරග සඳහා සුදුසුකම් ලැබූ එකම ක්‍රීඩිකාව ඇයයි.

පලෝනීට අවසන් තරගයේ දී හමුවන්නේ වසර තුනකට පසු ග්‍රෑන්ඩ් ස්ලෑම් අවසන් තරගයකට සුදුසුකම් ලැබූ බබෝරා කජීකවායි.

ඇය ව්ම්බල්ඩන් කාන්තා කේවල අවසන් තරගයකට සුදුසුකම් ලැබූ හත්වැනි චෙක් කාන්තාව ලෙස සැලකෙනවා.

බබෝරා අවසන් තරගයට සුදුසුකම් ලැබුවේ ඇලේනා රබෙකඅනා පරාජය කරමින්.

මේ අනුව අඛණ්ඩව අටවැනි වසරේ දී ත් විම්බලන්ඩන් කාන්තා කේවල කිරුළ පළමු වරට ජය ගන්නා ක්‍රීඩිකාවක් බිහි වීමේ අවස්ථාවක් එළැඹ තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?