AFC Banner
Empty Ad
Empty Ad

වේග සීමා රෙගුලාසි ඇතුළත් ගැසට් පත්‍රය ඉදිරි සති දෙකේ දී

වේග සීමා රෙගුලාසි ඇතුළත් කළ ගැසට් නිවේදනය ඉදිරි දෙසතිය තුළ නිකුත් කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ යන මැයෙන් අද (11) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

වර්තමානයේ ආරම්භ කර තිබෙන වැඩ වර්ජන සැබෑ වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් නොව දේශපාලන අවශ්‍යතා මත සිදු වන්නක් බව ද ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

මාර්ග අනතුරු අවම කර ගැනීම සඳහා වේග සීමා සම්බන්ධයෙන් අවශ්‍ය කෙරෙන රෙගුලාසි ඇතුළත් ගැසට් පත්‍රයක අවශ්‍යතාව පවතින හෙයින් ඉදිරියේ දී රජය විසින් එය නිකුත් කරනු ලබන බවයි මෙහිදී ලසන්ත අමාත්‍යවරයා කියා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?