ක්ලබ් වසන්තගේ දේහයට දැඩි පොලිස් ආරක්ෂාවක්

පසුගියදා ඝාතනයට ලක් වූ ‘සන්හිල හෝටල්’ හිමිකරු වන සුරේන්ද්‍ර වසන්තගේ දේහය දැඩි පොලිස් ආරක්ෂාවක් ලබා දී තිබෙනවා.

ඒ එම දේහය ඊයේ (11) රාත්‍රියේ දී බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල් ශාලාවක ප්‍රභූ පරිශ්‍රයට අවසන් ගෞරව දැක්වීම සඳහා ගෙන ඒමට කටයුතු යොදා තිබුණ ද, මල් ශාලා හිමිකරුගේ ආයතනයේ දූරකථනයට ආ තර්ජනාත්මක දූරකථන ඇමතුමක් හේතුවෙන් මෙතෙක් එම දේහය රැගෙන විත් නැහැ.

එම ස්ථානයේ රැඳී සිටින අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ අද (12) උදෑසන 8.30 සිට මහජන ගෞරව සඳහා එම දේහය අදාළ මල් ශාලාවේ තැන්පත් කිරීමට නියමිත වුණ ද, එය මෙතෙක් ප්‍රමාද වී ඇති බවයි.

මෙම තර්ජනාත්මක දූරකථන ඇමතුමත් සමග මේ වනවිට මල් ශාලාව අවට දැඩි පොලිස් ආරක්ෂාවක් සපයා තිබෙනවා.

සුරේන්ද්‍ර වසන්ත මහතාට අවසන් ගෞරව දැක්වීමට විදේශයන්හි සිට මෙරටට පැමිණීමට නියමිත හිතවතුන් කිහිපදෙනෙකු ද සිටින අතර, මෙතෙක් ජයරත්න මල් ශාලාවේ මෘත ශරීරාගාරයේ දේහය තිබුණ ද එය ප්‍රභූ පරිශ්‍රයට ගෙනවිත් නැහැ.

ක්ලබ් වසන්ත ඇතුළු පිරිසක් ඉලක්ක කරගනිමින් පසුගිය 08 දා උදෑසන අතුරුගිරිය ඔරුවල නගරයේ ටැටූ හලක වෙඩි තැබීමක් සිදු වූ අතර එමගින් ක්ලබ් වසන්ත සහ නයන වාසල නමැත්තෙකුට දිවි අහිමි වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් හිටපු ඇමති රෝහිත අධිකරණයට
01:05
Video thumbnail
මේ නැවත අරන් එන්නේ කෲර නීතියක් - අපි මේකට විරුද්ධයි
04:13
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර බලෙන් ගලවපු ජගතා කවුද..?
07:09
Video thumbnail
ඥානසාර හිමි වෙනුවෙන් පෙරට ආ උලපනේ හිමි - ඥානසාර මැ#වත් චීවරේ අත් හරින්නේ නෑ
10:16
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:37
Video thumbnail
ජනාධිපතිතුමා හිරේට ආවත් ජම්පරේ අන්දනවා..?
04:49
Video thumbnail
වැඩිකල් නෑ මේ ආණ්ඩුවට - බුදු සරණයි හාමුදුරුවනේ
02:00
Video thumbnail
රජය තාප බලාගාර, ඉන්ධන බලාගාර මාෆියාවට ආදරෙයි - සජිත් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
13:28
Video thumbnail
ජනාධිපතිතුමාගේ වීඩියෝවක් පෙන්නලා සජිත් ආණ්ඩුවේ කට්ටියට සැරටම අමතයි
07:21
Video thumbnail
ආණ්ඩුවට කඩේ යන රන්ජන් රාමනායක එළියේ, ඥානසාර හාමුරුවෝ ඇතුලේ
01:57