AFC Banner
Empty Ad
Empty Ad

ක්ලබ් වසන්තගේ දේහයට දැඩි පොලිස් ආරක්ෂාවක්

පසුගියදා ඝාතනයට ලක් වූ ‘සන්හිල හෝටල්’ හිමිකරු වන සුරේන්ද්‍ර වසන්තගේ දේහය දැඩි පොලිස් ආරක්ෂාවක් ලබා දී තිබෙනවා.

ඒ එම දේහය ඊයේ (11) රාත්‍රියේ දී බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල් ශාලාවක ප්‍රභූ පරිශ්‍රයට අවසන් ගෞරව දැක්වීම සඳහා ගෙන ඒමට කටයුතු යොදා තිබුණ ද, මල් ශාලා හිමිකරුගේ ආයතනයේ දූරකථනයට ආ තර්ජනාත්මක දූරකථන ඇමතුමක් හේතුවෙන් මෙතෙක් එම දේහය රැගෙන විත් නැහැ.

එම ස්ථානයේ රැඳී සිටින අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ අද (12) උදෑසන 8.30 සිට මහජන ගෞරව සඳහා එම දේහය අදාළ මල් ශාලාවේ තැන්පත් කිරීමට නියමිත වුණ ද, එය මෙතෙක් ප්‍රමාද වී ඇති බවයි.

මෙම තර්ජනාත්මක දූරකථන ඇමතුමත් සමග මේ වනවිට මල් ශාලාව අවට දැඩි පොලිස් ආරක්ෂාවක් සපයා තිබෙනවා.

සුරේන්ද්‍ර වසන්ත මහතාට අවසන් ගෞරව දැක්වීමට විදේශයන්හි සිට මෙරටට පැමිණීමට නියමිත හිතවතුන් කිහිපදෙනෙකු ද සිටින අතර, මෙතෙක් ජයරත්න මල් ශාලාවේ මෘත ශරීරාගාරයේ දේහය තිබුණ ද එය ප්‍රභූ පරිශ්‍රයට ගෙනවිත් නැහැ.

ක්ලබ් වසන්ත ඇතුළු පිරිසක් ඉලක්ක කරගනිමින් පසුගිය 08 දා උදෑසන අතුරුගිරිය ඔරුවල නගරයේ ටැටූ හලක වෙඩි තැබීමක් සිදු වූ අතර එමගින් ක්ලබ් වසන්ත සහ නයන වාසල නමැත්තෙකුට දිවි අහිමි වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
3
+1
0
+1
6
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?