වසන්තගේ දේහය මල් ශාලාවේ තබා ගන්න එපා – ඝාතනය ඩුබායි සිට සජීවීවත් නරඹලා

පසුගිය 08 වැනි දා අතුරුගිරිය – ඔරුවල ප්‍රදේශයේ ඉහළ මාලයක ටැටූ හලක් විවෘත කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් එක් වූ අවස්ථාවේ දී ඝාතනයට ලක් වූ ‘ක්ලබ් වසන්ත’ නොහොත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නමැත්තා ඇතුළු පිරිසට වෙඩි තැබීමේ සිද්ධිය ඩුබායි රාජ්‍යයේ සිට සජීවී ව නරඹා ඇති බවට පොලිස් විමර්ශනවලින් හෙළි වී තිබෙනවා.

පොලිසිය සඳහන් කරන පරිදි ටැටූ හලේ හිමිකරු වන අත්අඩංගුවට ගෙන ඇති දුලාන් සංජු නමැත්තා විසින් මෙම සියල්ල හෙළිදරව් කරමින් සිටින බවයි.

තමන්ගේ ටැටූ හලේ ආරක්ෂිත කැමරා පද්ධතියේ රහස් අංක ලොකු පැටී විසින් ලබාගෙන ඇති බවත්; තමන් ඒවා ඔහුට දුන් බව ද හෙතෙම පාපොච්චාරණය කර තිබෙනවා.

ඒ අනුව ඝාතනය සිදු වූ අවස්ථාවේ වෙඩික්කරුවන් කිරිබත් කමින් සිටි ක්ලබ් වසන්ත ඇතුළු පිරිසට එල්ල කරන ලද වෙඩි ප්‍රහාර, එම ස්ථානයේ දී ම වෙඩි වැදුණු පිරිස ඇදවැටෙන ආකාරය ලොකු පැටී ඇතුළු ඔහුගේ සහචරයින් පිරිස නිරීක්ෂණය කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර හෙට (13) දිනයේ පස්වරු 4.30ට බොරැල්ල පොදු සුසාන භූමියේ දී සිදු කිරීමට නියමිත ක්ලබ් වසන්තගේ දේහය පිළිබඳ ව අවසන් කටයුතු සිදු වීමට තවත් එක් දිනක් පමණක් ඇති අතර; මේ වනවිට ඔහුගේ දේහය කොළඹ 08 බෞද්ධාලෝක මාවතේ පිහිටි පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තිබෙනවා.

ඒ වසන්තගේ පවුලේ හිත මිත්‍රාදීන් පිරිසක් විදේශගත ව සිට ඔහුට ගෞරව කිරීමට මෙරටට පැමිණීමට නියමිත හේතුවෙන් බවයි වාර්තා වන්නේ.

නමුත් එම දේහය තබා ඇත්තේ එම මල් ශාලාවේ ප්‍රභූ පර් යන්තයේ වන අතර; එම මල් ශාලාවේ දේහය තබා නොගන්නා ලෙසට ඊයේ මල් ශාලා හිමිකරුට දූරකථන ඇමතුමක් ද ලැබී ඇති බවත්; එය ඔහුට තර්ජනාත්මකව සිදු කරන ලද්දක් බව ද පොලිසිය පවසනවා.

මල් ශාලාවේ ඇති කේබල් දූරකථනයට මෙම ඇමතුම ලැබී ඇති බවත් එහි අංකය සටහන් නොවන බවත් මේ සිදුවීම පිළිබඳ ව මල් ශාලා හිමිකරු විසින් පොලිසියට පැමිණිලි කර ඇති බවත් වාර්තා වන අතර එම සිදුවීම සම්බන්ධයෙන් ද පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

ක්ලබ් වසන්ත ඇතළු තවත් අයෙකුට මරු කැඳවමින් සිදු වූ මෙම වෙඩි තැබීමෙන් මෙරට ජනප්‍රිය ගායන ශිල්පිනී කේ. සුජීවා ඇතුළු තවත් සයදෙනෙකු බරපතළ තුවාල ලැබුවා.

මියගිය වසන්තගේ; බිරිඳ ද මෙම වෙඩි පහරින් තුවල ලැබූ අතර ඇයගේ පපුවටම ඒවා එල්ල වීම හේතුවෙන් මේ වනවිට සැත්කමක් ද සිදු කර තවමත් හෝමාගම මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.

එමෙන්ම ඇයගේ තත්ත්වය තවමත් බරපතළ මට්ටමේ පසුවනවා.

මේ අතර පාදයකට වෙඩි වැදුණු කේ. සුජීවාට සැත්කම් කිහිපයක් සිදු කර ඇති අතර ඇයගේ පාදය තුළ තිබී වෙඩි උණ්ඩ 02ක් ද සොයාගෙන තිබෙනවා.

මෙම වෙඩි පහරින් මියගිය අනෙක් පුද්ගලයා වසර 18ක් මහණ ව සිටි භික්ෂුවක් වන අතර; ඔහු කේ. සුජීවා සමග විවාහ වී ඇත්තේ මීට වසර තුනකට උඩදීයි.

ඔහු 38 හැවිරිදි නයන වාසල නමැති අතුරුගිරිය ප්‍රදේශයේ ම පදිංචිකරුවෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට (12) විශේෂ පොලිස් කණ්ඩායම් 10ක් පරීක්ෂණ ආරම්භ කර ඇති අතර; මෙම ඝාතනය ප්‍රංශයේ සැඟවී සිටින කංජි පානි ඉම්රාන්ගේ මෙහෙයවීමෙන්, ලොකු පැටීගේ සංවිධානත්වයෙන් සිදු වූවක් බවටයි හෙළි ව ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
3
+1
3
+1
2
+1
4
+1
3
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සැවොම මවිත කරමින් ශබ්ද විකාශන යන්ත්‍රවලින් හමුවූ දේ..මෙරට නිෂ්පාදිත ටී - කටස් අවි 19ක්
01:46
Video thumbnail
ලංකාවේ දරුවන්ගෙන් පහෙන් එකකට මන්ද පෝෂණය - පාරිභෝගිකයින්ට ගන්න හැකි මිලක් තියෙන්න ඕනි
11:51
Video thumbnail
දීඝ දන්තු හස්තියාගේ දළ සහිත අස්ථි කොටස් වසර එකාහමාරකට පසු ගොඩ ගනියි
02:03
Video thumbnail
යෝෂිත රාජපක්ෂ අද නඩු විභාගයට ඇවිත් ගිය හැටි..හිනාවකුත් දාගෙන යන්නේ
01:42
Video thumbnail
ඉදිරියේ දී Strong එල්නිනෝ තත්ත්වයක්..කාලගුණයෙන් අනතුරු ඇගවීම්
08:40
Video thumbnail
විදේශගත ශ්‍රී ලාංකික මිතුරා තාම ආණ්ඩුවට හමුවෙලා නෑ..එවනවා කිව්ව ඩොලර් කෝ ?
03:06
Video thumbnail
අම්බිකා මන්ත්‍රීතුමිය බෙර දවුල් ගහලා වැසිකිළියට මුල්ගල තියන්නේ - මම දන්න ඉතිහාසයේ මෙහෙම වෙලා නෑ
02:16
Video thumbnail
මළ ගෙයක් අස්සේ මඟුල් ගෙවල් කන්නේ කොහොමද ? - අධිවේගි මාර්ගයේ ඇත්ත නැත්ත විමල් හෙළිකරයි
04:43
Video thumbnail
විමල් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - Rolls Royce ගෙනල්ලා ව්‍යාපාරිකයින්ට සුපිරි සැප දෙන්නේ
13:02
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:11