හොරෙන් චීනෙට පටවන්න හැදූ ශාක නිදර්ශක වෑයම අසාර්ථක වෙයි

ශ්‍රී ලංකා රේගුවේ ජෛව විවිධත්ව, සංස්කෘතික සහ ජාතික උරුමයන් සුරැකීමේ (BCNP) ශාඛාව පෙරේදා (09) දින කටුනායක, BIA හි පිටත්වීමේ පර්යන්තයේ දී ජෛව කොල්ලකෑමේ උත්සාහයක් ව්‍යර්ථ කිරීමට සමත් වුණා.

අප ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසුවේ; බුද්ධි තොරතුරු මත ක්‍රියා කරමින්, BCNP නිලධාරීන් විසින් MU232 යානයෙන් චීනය බලා පිටත්ව යන මගීන් 2 දෙනෙකුගේ ගමන් බෑග තුළ සඟවා තිබූ ශාක නිදර්ශක සැලකිය යුතු ප්‍රමාණයක් සොයා ගෙන ඇති බවයි.

ජාතික වනෝද්‍යාන ඇතුළුව රටේ විවිධ ස්ථානවලින් එකතු කරන ලද ආරක්ෂිත ශාක විශේෂ යැයි සැක කරන ශාකවල කොළ, මල්, බීජ සහ අනෙකුත් කොටස් මෙයට ඇතුළත් බවත් වාර්තා වනවා.

මෙම කොටස් අයත් වන්නේ කුමන ශාක විශේෂයට ද යන්න තවමත් නිශ්චය කර නැහැ.

රේගු ආඥාපනත, වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනත සහ වන සංරක්ෂණ පනතේ ප්‍රතිපාදන යටතේ වැඩිදුර විමර්ශන සඳහා මෙම චීන ජාතිකයින් දෙදෙනා සහ නීතිවිරෝධී භාණ්ඩ තොගය රඳවාගෙන තිබෙනවා.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සහයෝගය ඇතිව මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ මේ වන විට (10) ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"රෙකෝඩ් කරලා තියාගන්න - ආයේ හාල් ගෙන්නන්නේ නෑ"
06:55
Video thumbnail
ලුනාවේ කලපුවෙන් හමුවූ අභිරහස් නිසල සිරුර..සිරුර හදුනා ගන්න බැරි තරමට විරූපි වෙලා
01:18
Video thumbnail
මධ්‍යම බස් නැවතුම්පොළ ගැන ජනතාවගේ අදහස්.."හොඳ වුණාට අපිට පහසුකම් නෑනේ.. Stand එක Update වෙලා..
02:41
Video thumbnail
නිදහස් පක්ෂයේ කාන්තාවෝ ජනපතිව හොඳවයින් අමතයි
05:07
Video thumbnail
ඈවරයි.. දෑවරයි.. තුන්ඈවරයි - ගල් අඟුරු වංචාව කුජීතයි
19:07
Video thumbnail
සාද තියලා තනි රෝදෙන් වැඩ පෙන්නන්න හිතෙයි..ඒවා කළොත් නම් කිසි සමාවක් දෙන්නේ නෑ
08:29
Video thumbnail
ජනාධිපතිතුමා ඉද්දී මීක් නෑ - ගියාට පස්සේ සිංහයෝ වගේ කෑගහනවා
01:20
Video thumbnail
පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ අද විවෘත වෙයි..මෙන්න එහි නවතම තත්ත්වය
01:33
Video thumbnail
කෙහෙළිය බාල බෙහෙත් ගෙනාවේ විදලා බලලා නෙමෙයිනේ
06:08
Video thumbnail
විමල් වීරවංශ බලශක්ති ඇමතිට ලෙසටම දෙසයි.."අඟුරු කකා වතුර බිබී හොරකමට දුවන යකඩ යක්කු මේ"
04:13