අස්වැසුම දෙවන අදියරේ තොරතුරු සංගණනය ජූලි 15 සිට 30 දක්වා

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක “අස්වැසුම” සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ වැඩසටහනේ දෙවන අදියරේ තොරතුරු සංගණනය ජූලි 15 දා සිට 30 දක්වා සිදු කෙරෙන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය දැනුම්දී තිබෙනවා.

පළමු අදියරේ සුදුසුකම් ලැබූ ලක්ෂ 18ට අධික පිරිසට අමතර ව දෙවන අදියර සඳහා තවත් අයදුම් පත් 450,924ක් ලැබී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අතරින් සුබසාධක ප්‍රතිලාභ ගෙවීම සඳහා සුදුස්සන් හඳුනා ගැනීම මෙම මාසය තුළ අවසන් කිරීමට නියමිතයි.

අස්වැසුම පළමු අදියර සඳහා 1,854,000ක් සුදුසුකම් ලබා ඇති අතර ඒ සඳහා රුපියල් බිලියන 58.5ක මුදලක් රජය විසින් වෙන් කෙරුණා.

එම පළමු අදියරට අයදුම් කිරීමට නොහැකි වූ හෝ මගහැරුණු පිරිසට නැවත අයදුම් කිරීමට අවස්ථාව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් ලබා දී ඇති බවත් නිවේදනයේ දැක්වෙනවා.

සංක්‍රාන්තික, අවදානමට ලක් වූ, දුප්පත් හා අන්ත දිළිඳු යන සමාජ කාණ්ඩ 04ක් යටතේ “අස්වැසුම” සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් සිදු කෙරෙන අතර ආබාධිත තැනැත්තන්, වැඩිහිටි සහ වකුගඩු රෝගීන් සඳහා ද සුපුරුදු පරිදි අදාළ දීමනා ලබාදීම සිදු කෙරුණු ඇති.

මේ අතර ක්ෂේත්‍ර තොරතුරු එක් රැස් කිරීම කාර්යක්ෂම කිරීම සඳහා ඡායාරූප ගැනීම, භූ සිතියම් ගැනීම හා හඬ පටිගත කිරීමේ පහසුකම් ද සහිත නව ජංගම යෙදුම් මෘදුකාංගයක් ( Mobile App) සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් හඳුන්වා දී තිබෙනවා.

ඒ අනුව ජංගම යෙදුම් මෘදුකාංගය මගින් තොරතුරු එක් රැස් කිරීම නියමු ව්‍යාපෘතියක් ලෙස කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ ක්‍රියාත්මක කිරීමට ද සැලසුම් කර තිබෙන බවත් වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.04.08
00:00
Video thumbnail
වැල්ලවායේදී කරනම් ගැසූ ලොරිය..බිහිසුණු අනතුර CCTV කැමරාවේ සටහන් වෙයි
01:11
Video thumbnail
ගොවියන්ගේ රතු කට්ට පනියි..පේදුරු තුඩුවේ ඉදන් දෙව්න්දර තුඩුවට එනකල් ගොයියෝ බස්සනවා මහ පාරට..
09:03
Video thumbnail
CEB එකේ දෝෂයක් නිසා වසරක් පුරා අඳුරේ ඉන්න අසූ හැවිරිදි වයෝවෘද්ධ මව
02:40
Video thumbnail
මහා පරිමාණ සුරතල් සත්ත්ව ඖෂධ නිෂ්පාදනාගාරයක් වටලයි
00:45
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17