AFC Banner
Empty Ad
Empty Ad

මහින්දානන්දගේ දාම් ලෑලි නඩු තීන්දුව කල් තැබෙයි

2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ ක්‍රීඩා සංගම්වලට බෙදා දීම සඳහා ස.තො.ස ආයතනය මගින් කැරම් බෝඩ් හා දාම් ලෑලි මිලදීගෙන බෙදාහැරීම තුළින් රජයට රුපියල් මිලියන 53කට ආසන්න පාඩුවක් සිදු කළේ යැයි චෝදනා ලබා සිටින හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ වත්මන් වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු යන මහත්වරු විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරව නිදහස් කරන්නේද? නැත්ද? යන නියෝගය ප්‍රකාශ කිරීම ලබන 11 වනදා දක්වා කල් තැබීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියම කළා.

මෙම නියෝගය අද (09) දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණා.

එහෙත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නිසියාකාරව සම්පූර්ණ වී නොතිබීම හේතුවෙන් එහි තීන්දුව ප්‍රකාශ කිරීම ලබන 11 වනදා දක්වා කල් තබන බව එම විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු අමල් රණ රාජා නිවේදනය කළේ.

2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ ක්‍රීඩා සංගම් අතර බෙදා දීම සඳහා සතොස ආයතනය හරහා කැරම්බෝඩ් 14000 ක් සහ දාම් ලෑලි 11000 ක් මිලදී ගැනීම තුළින් රජයට රුපියල් මිලියන පනස්තුනකට ආසන්න පාඩුවක් සිදු කළේ චෝදනා කොට අල්ලස් කොමිසම විසින් මෙම විත්තිකරුවන්ට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ මෙම අධි චෝදනා පත්‍ර ගොනුකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?