16 හැවිරිදි දැරියක් අබිරහස් ලෙස මියයයි

නිවිතිගල – වටාපොත ප්‍රදේශයේ අබිරහස් ලෙස මියගිය 16 හැවිරිදි දැරියකගේ මළසිරුරක් හමු ව තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනය කළේ වටාපොත ගම්මානයේ රබර් වගා ඉඩමක් අසලින් ඇති අඩි පාරක මුහුණ ප්‍රදේශයේ ලේ තැවරුණු තුවාල සහිත ව දැරියක් වැටී ඇති බවට නිවිතිගල පොලිසියට ලද තොරතුරක් මත විමර්ශන ඇරඹූ බවයි.

ඇය එම ගම්මානයේ ම පදිංචි පාසල් සිසුවියක් බවයි වාර්තා වන්නේ.

මරණකාරියගේ මව වටාපොත විහාරස්ථානය අසල වෙළෙඳසැලක් පවත්වාගෙන යන අතර; මරණය සිදු වූ දිනයේ ඇයට මවගෙන් දූරකථන ඇමතුමක් ලැබී ඇත්තේ පාසල් නොයාම හේතුවෙන් නිවසේ තනිව නොසිට වෙළෙඳසැලට පැමිණෙන ලෙසයි.

වෙළෙඳසැලට පැමිණීමට ප්‍රමාද වීම හේතුවෙන් මව වෙළෙඳසැලේ සිට නිවස දෙසට යමින් සිටියදී රබර් වගාව මැදින් ඇති අඩි පාරේ තිබී සිය දියණියගේ මියගිය සිරුර හමුව ඇත්තේ.

ඇය නිවසේ සිට වෙළෙඳසැලට ගමන් කරමින් සිටියදී රබර් වත්තේ කපා හෙලන ලද රබර් ගසක අත්තක් වැදීමෙන් මෙම මරණය සිදු වන්නට ඇති බවට පොලිසිය සැක පළ කරනවා.

සිදුවීම සම්බන්ධයෙන් වන පශ්චාත් මරාණ පරීක්ෂණය රත්නපුර රෝහලේ දී පැවැත්වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
5
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10