AFC Banner
Empty Ad
Empty Ad

දේශබන්දුට එරෙහි පෙත්සම හෙටට කල් තැබෙයි

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා ලෙස පත් කිරීමේ තීරණය බල රහිත කිරීමේ තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම් අද (08) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බැලීම ආරම්භ වුණා.

යසන්ත කෝදාගොඩ, අචල වෙංගප්පූලි සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේදීයි මෙම පෙත්සම් සලකා බැලීම සිදු කෙරුණේ.

මෙහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු කරුණු ඉදිරිපත් කිරීම ආරම්භ කළා.

ඉන් අනතුරුව වැඩිදුර පෙත්සම් සලකා බැලීම හෙට (09) දින තෙක් කල් තිබුණා.

කාදිනල් අතිඋතුම් මැල්කම් රංජිත් හිමිපාණන් ඇතුළු පිරිසක් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?