Update – අතුරුගිරිය වෙඩි තැබීමේ සිද්ධියේ තවත් අයෙක් ජීවිතක්ෂයට (ඡායාරූප)

අතුරුගිරිය, ඔරුවල ප්‍රදේශයේ අද (09) පෙරවරුවේ සිදු වූ වෙඩි තැබීමෙන් තවත් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

හෝමාගම රෝහලට ඇතුළත් කළ පුද්ගලයෙක් මෙලෙස මියගොස් ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කළේ.

ඒ, අනුව මෙම සිද්ධියේ මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව දෙකක් දක්වා ඉහළ ගියා.

මෙම වෙඩි තැබීමෙන් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන සුරේන්ද්‍ර වසන්ත නොහොත් ක්ලබ් වසන්ත ද ජීවිතක්ෂයට පත් වුණා.

වෙඩි ප්‍රහාරයට ලක්වූවන් අතර ජනප්‍රිය ගායන ශිල්පිනී කේ.සුජීවා ද සිටිනවා.

වෙඩි වැදීමෙන් ඇයගේ පාදයකට තුවාල සිදුව ඇති අතර, ඇය ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මේ අතර තුවාල ලැබූ තවත් තිදෙනෙක් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවයි වාර්තා වුණේ.

ව්‍යාපාරික ස්ථානයක් විවෘත කිරීමේ අවස්ථාවක දී මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි පොලිසිය පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56
Video thumbnail
මේ ඵාපකර්මයට කවුරුත් හවුල් වෙන්න එපා - ජනමත විචාරණයෙන් ආණ්ඩුවට අන්ත පරාජයක් දෙන්න පුළුවන්
04:02