කොදෙව් දැවැන්තයෝ චාල්ස් රජු මුණගැසෙයි (ඡායාරූප)

ටෙස්ට් තරගාවලිය සඳහා එංගලන්තයට ගොස් සිටින බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම තුන්ව චාල්ස් රජු හමු වී තිබෙනවා.

ලබන 10 වනදා ලෝර්ඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වන පළමු ටෙස්ට් තරගයට පෙර බකිංහැම් මාලිගයේදී කොදෙව් ක්‍රීඩකයින් චාල්ස් රජු හමුවී ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී චාල්ස් රජු විසින් තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලියට කොදෙව් කණ්ඩායමට සුබ පැතුම් එක්කර ඇති අතර, පසුගියදා බෙරිල් සුළි කුණාටුවෙන් ඇති වූ විනාශයෙන් පසු කැරිබියන් කලාපය කෙරෙහි ඔහුගේ සැලකිල්ල දක්වන බව ද රජු මෙහිදී පවසා තිබෙනවා.

මේ අතර කොදෙව් කණ්ඩායමේ නායක ක්‍රේග් බ්‍රැත්වේට් මෙහිදී සඳහන් කර ඇත්තේ තමන් ඇතුළු කණ්ඩායමට මෙලෙස ආරාධනා කිරීම ගෞරවයක් බවයි.

එමෙන්ම මෙය මුළු කණ්ඩායමටම හොඳ අවස්ථාවක් බවත්, කොදෙව් දේශයට බෙරිල් සුළි කුණාටුවෙන් හානි සිදුව ඇති දුෂ්කර කාලයේ දී බටහිර ඉන්දියානුවන්ට ආඩම්බරවීමට සහ ඔවුන්ගේ මුහුණුවල සිනහවක් එක් කිරීමට තමන් ඇතුළු කණ්ඩායමට අවශ්‍ය බවත් බ්‍රැත්වේට් පවසා තිබෙනවා.

450402550 868588421971124 1743341262727481859 n 2
450391631 868588391971127 5804714518494159384 n 2
450389973 868588361971130 3485425119099441314 n 2


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොරුවට සුදනෝ වෙන්න එපා - මෙන්න වසන්ත ඔයාගේ හොරකම
09:02
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.08
08:28:24
Video thumbnail
ශෂීන්ද්‍ර රාජපක්ෂට එරෙහි නඩුවේ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කරයි
00:31
Video thumbnail
සිවුර ගැලවීමේ සිද්ධිය ගැන මහනායක හාමුදුරුවන් ජනාධිපති එක්ක සාකච්ඡා කරයි
00:58
Video thumbnail
ශිරන්තිව වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීම පැහැර හැරලා - මෙය ඉතාම වැරදිසහගත ක්‍රියාවක්
05:03
Video thumbnail
ප්‍රසාද් සර් දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
06:30
Video thumbnail
ආණ්ඩුව පටන්ගත්තු වාරිමහිමට මාස ගාණකට පසු වෙලා තියෙන විනාශය - මුදල් අතුරුදන් - මිනිස්සුන්ට යකා නගියි
11:52
Video thumbnail
ආණ්ඩුවේ කාන්තා හඬක් විපක්ෂයට ඇඩෙන්නම දෙයි
09:26
Video thumbnail
සජිත් ආණ්ඩුවේ කෙරුවාව හෙළිකරයි - රැවටීම ගැන අපිට ලොකු වේදනාවක් තියෙනවා
06:34
Video thumbnail
රටේ ආරක්ෂාව වෙනුවෙන් ඥානසාර හිමි කට ඇරියේ - ඥානසාර හිමි ගැන පොහොට්ටුව කිව්ව දේ
06:28