AFC Banner
Empty Ad
Empty Ad

හංවැල්ලේ පොඩි තිළිණගේ මත් ජාවාරම මෙහෙය වූ ප්‍රධානියා STF මෙහෙයුමක දී අල්ලයි

මේ වනවිට ඩුබායිහි සැඟව සිටින හංවැල්ලේ පොඩි තිළිණ නැමති මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙය වූ ප්‍රධාන සැකකරු හෙරොයින් තොගයක් සමඟ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරු වට්ස්ඇප් තාක්ෂණය ඔස්සේ මෙම මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවා ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

කිරිඳිවැල පොලිස් වසමේ මැද්දේගම හංදිය අසල දී විශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් සිදුකළ වැටලීමක දී මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙනවා.

සැකකරු සන්තකයේ තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 08යි මිලි ග්‍රෑම් 980ක් ද සොයාගෙන ඇති අතර, මොහු කිරිඳිවැල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 29ක පුද්ගලයෙක්.

හංවැල්ලේ පොඩි තිළිණ සහ ඔහුගේ අනියම් බිරිඳ වන නේත්‍රා නැමැති කාන්තාව විසින් මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවා ඇති අතර, ඔවුන් දෙදෙනා සමඟ සම්බන්ධ වී සැකකරු විසින් මෙම ජාවාරම සිදුකරගෙන ගොස් ඇති බවයි වාර්තා වුණේ.

සැකකරු විසින් එම මත්ද්‍රව්‍ය කඩුවෙල, කිරිඳිවැල, පූගොඩ හා හංවැල්ල යන ප්‍රදේශවලට ගෙන ගොස් බෙදාහැර ඇති අතර, මොහු වට්ස්ඇප් හරහා සම්බන්ධ වී මත්ද්‍රව්‍ය විවිධ ස්ථානවල තැබීම සිදුකරනු ලබන බවට අනාවරණය වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආර්ථිකය අපහසු වයෝවෘධ පුද්ගලයන්ට - ජාතික ජන බලවේග ආණ්ඩුවේන් ලැබෙන්න යන සහනය #npp
06:55
Video thumbnail
පාර්ලිමේන්තුව විසුරුවන දවස මාලිමාවේ ප්‍රභලයෙකු කියයි...#npp #akd
00:59
Video thumbnail
දිනලා පෙන්නුවා වගේ - මේකත් කරලා පෙන්නන්නම් - සමන්ත විද්‍යාරත්න ඇඩ්‍රස් නැතිවෙන්නම කිව්ව කතාව
03:31
Video thumbnail
සංවේදී වූ සේනානායක වෙරලියැද්ද - W ජයසිරි ගැන කිව්ව කතාව
01:46
Video thumbnail
මැති ඇමතිවරුන්ගේ සැප වාහන ගාලු මුවදොර ගාල් කරයි
01:40
Video thumbnail
රූමත් තරණියක් Live ඇවිත් කාදිනල්ගෙන් අහපු ප්‍රශ්නය #breakingnews #viralvideo
03:20
Video thumbnail
බිත්තරේ මිල අඩුවෙයි - කවුරුත් බලාසිටි සැබෑ වෙනස මෙන්න #eggprice
02:36
Video thumbnail
දුක් සෝ සුසුම් මැද නික්ම ගිය W ජයසිරි - අවසන් කටයුතු සිදුවුණ විදිය මෙන්න
01:16
Video thumbnail
කටින් පම්පෝරි ගැසූ පර්මිට් මරික්කාර්, රෙදි ගලවා ගනී
01:40
Video thumbnail
අනුර කුමාර ජනාධිපති එක්ක - අයියයි මල්ලී වගේ ඉඳලා මොකද වුණේ ? කුමාර ගුණරත්නම් කොර වුණ ප්‍රශ්නය
04:10

?