හංවැල්ලේ පොඩි තිළිණගේ මත් ජාවාරම මෙහෙය වූ ප්‍රධානියා STF මෙහෙයුමක දී අල්ලයි

මේ වනවිට ඩුබායිහි සැඟව සිටින හංවැල්ලේ පොඩි තිළිණ නැමති මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙය වූ ප්‍රධාන සැකකරු හෙරොයින් තොගයක් සමඟ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරු වට්ස්ඇප් තාක්ෂණය ඔස්සේ මෙම මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවා ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

කිරිඳිවැල පොලිස් වසමේ මැද්දේගම හංදිය අසල දී විශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් සිදුකළ වැටලීමක දී මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙනවා.

සැකකරු සන්තකයේ තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 08යි මිලි ග්‍රෑම් 980ක් ද සොයාගෙන ඇති අතර, මොහු කිරිඳිවැල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 29ක පුද්ගලයෙක්.

හංවැල්ලේ පොඩි තිළිණ සහ ඔහුගේ අනියම් බිරිඳ වන නේත්‍රා නැමැති කාන්තාව විසින් මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවා ඇති අතර, ඔවුන් දෙදෙනා සමඟ සම්බන්ධ වී සැකකරු විසින් මෙම ජාවාරම සිදුකරගෙන ගොස් ඇති බවයි වාර්තා වුණේ.

සැකකරු විසින් එම මත්ද්‍රව්‍ය කඩුවෙල, කිරිඳිවැල, පූගොඩ හා හංවැල්ල යන ප්‍රදේශවලට ගෙන ගොස් බෙදාහැර ඇති අතර, මොහු වට්ස්ඇප් හරහා සම්බන්ධ වී මත්ද්‍රව්‍ය විවිධ ස්ථානවල තැබීම සිදුකරනු ලබන බවට අනාවරණය වී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56