චිත්‍රපට ලෝකයේ පෙරළි කළ දැවැන්ත නිෂ්පාදකවරයා දිවි ගමනින් සමුගනී

බොක්ස් ඔෆිස් වාර්තා බිඳ දමමින් තිරගත වූ චිත්‍රපට රැසක නිෂ්පාදකවරයා වූ ජොන් ලැන්ඩෝ අභාවප්‍රත්ත වී තිබෙනවා.

ඔස්කාර් සම්මානලාභී ජොන් ලැන්ඩෝ අභාවප්‍රත්ත වනවිට 63 වන වියේ පසු වුණා.

වාර්තා පිට වාර්තා තබමින් තිරගත වූ සම්මානනීය චිත්‍රපට වූ ටයිටැනික්, ඇවටාර් වැනි නිර්මාණ රැසක් ජොන් ලැන්ඩෝ විසින් නිෂ්පාදනය කර තිබෙනවා.

මාස 16ක පමණ කාලයක් පිළිකාවක් සමඟ සටනකින් පසු ඔහු සිකුරාදා ලොස් ඇන්ජලීස්හිදී මිය ගිය බව ඩිස්නි ප්‍රකාශකයෙක් සඳහන් කළා.

ලැන්ඩෝ 1980 දශකයේ නිෂ්පාදන කළමනාකරුවෙකු ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ අතර, ක්‍රමයෙන් ඉහළට පැමිණි ඔහු අවසානයේ ටයිටැනික් නම් ඇති විශිෂ්ඨ චිත්‍රපටයේ නිෂ්පාදකයා බවට පත් වුණා.

1960 වසරේ ජූලි 23 වන දින නිව් යෝර්ක් හි උපත ලද ලැන්ඩෝ චිත්‍රපට නිෂ්පාදකයින් වන එලී සහ එඩී ලැන්ඩෝගේ පුත්‍රයායි.

ජොන් ලැන්ඩෝ සිය බිරිඳ ජූලි ලැන්ඩෝ සමඟ විවාහ වී සිටි අතර ඔවුන්ට ජේමි සහ ජෝඩි නමින් පුතින් දෙදෙනෙක් ද සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
17
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලෝකෙ ප්‍රශ්න තියෙනකොට දැන් අපිට උණ සන්නිපාතය හැදිලා - ඇයි දැනගෙන බොරු කිව්වේ
11:42
Video thumbnail
කෝලිකුට්ටු උස්සගෙන ආ හෙක්ටර් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
03:38
Video thumbnail
ආණ්ඩුව වහල්ලුන්ට මුදල් දීලා ජනප්‍රිය වෙන්න හදනවා
18:33
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:12
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07