AFC Banner
Empty Ad
Empty Ad

කරන්දෙණියේ සුද්දාගේ ගෝලයෙක් STF අත්අඩංගුවේ

සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍ර‍ව්‍ය ජාවාරම්කරුවෙකු වන සොබනාහන්දි ජයලත් ද සිල්වා නොහොත් ‘කරන්දෙණියේ සුද්දා’ නැමැත්තාගේ සමීපතම ගෝලයෙක් හෙරොයින් සමඟ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (05) දින පිටිගල පොලිස් වසමේ වාඩුවැලිවිටිය, රෑකඩහේන වත්ත ආසන්නයේ දී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර මෙම වසරේ මාර්තු 11 වන දින පිටිගල පොලිස් වසමේ හොරන්ගොල්ල ප්‍රදේශයේ සිදුකරන ලද වෙඩි තැබීමට යොදාගන්නා ලද අවිය එකලස්කර, අධාර අනුබල දීමේ වරදට සැකපිට හා හෙරොයින් මත්ද්‍ර‍ව්‍ය ග්‍රෑම් 20 ක් සන්තකයේ තබාගැනීමේ වරදට තල්ගස්වල, හොරන්ගොල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 34ක් වන පුද්ගලක් යතුරුපැදියක් ද සමඟ අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පිටිගල පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?