AFC Banner
Empty Ad
Empty Ad

ශැංහයි සහයෝගිතා සංවිධාන‍යේ රාජ්‍ය නායක කවුන්සිලය චීන ජනපතිගේ ප්‍රධානත්වයෙන්

ශැංහයි සහයෝගිතා සංවිධාන‍යේ සාමාජික රටවල රාජ්‍ය නායකයන්ගේ කෘත්‍යධිකාරි කවුන්සිලයේ 24 වැනි සැසිය පැවැත්වුණා.

ඒ, ඊයේ (04) කසක්ස්ථානයේ අස්තානා අගනුවර දීයි.

චීන ජනාධිපති ෂී ජින්පිං එහිදී පෙන්වා දුන්නේ ශැංහයි සහයෝගිතා සංවිධානය ස්ථාපිත කර ගත වූ වසර 23ක් තුළ එහි සාමාජික රටවල් ගණන 10ක් දක්වා වැඩි වී ඇති බවයි.

මෙය මහාද්වීප තුනකට අයත් රටවල් 26ක් සම්බන්ධ කර තිබෙනවා.

වර්තමානයේ විවිධ විපර්යාසයන්ට මුහුණදෙන ගෝලීය මානවයා ඓතිහාසික සන්ධිස්ථානයකට පැමිණ සිටිනවා.

එහෙයින් ඉතිහාසයේ නිරවද්‍යතාව සහ සාධාරණත්වය සහතික කිරීමට මෙම සංවිධානය ලෝකයට සැබැවින් ම වැදගත් වන බව ද ෂී ජින්පිං එහිදී ප්‍රකාශ කළා.

සීතල යුද මානසිකත්වයෙන් එල්ලවන තර්ජන හමුවේ සහයෝගයෙන් යුතුව තිරසර ආරක්ෂාව පිළිබඳ දැක්ම අනුගමනය කළ යුතු බව ද ඔහු පෙන්වා දුන්නා.

විද්‍යා හා තාක්ෂණ අංශවලට ඍජුව බලපාන පරිදි ඇමරිකාව චීනයට එල්ල කරන නිරන්තර බාධා හමුවේ සංවර්ධන අයිතිවාසිකම් ආරක්ෂා කළ යුතු බව ද ෂී ජින්පිං අවධාරණය කළා.

මේ අතර, 2024-2025 ශැංහයි සහයෝගිතා සංවිධානයේ වාරික සභාපතිත්වය චීනය වෙත පැවරීමට ද එහිදී තීරණය කෙරුණා.

චීනය එම වගකීම දරන්නේ වසර 07 කට පසුව වීම ද විශේෂත්වයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?