AFC Banner
Empty Ad
Empty Ad

ඉන්දුනීසියාවේ භූ කම්පනයක්

ඉන්දුනීසියාවේ ජාවා දිවයිනට ඔබ්බෙන් මුහුදේ අද(10) භූ කම්පනයක් සිදුව තිබේ.

එය රික්ටර් 6.0 පරිමාණයේ ප්‍රබලතාවකින් යුක්ත වන බව ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ජාවා දිවයිනේ නැගෙනහිර මලන්ග් නගරයට කිලෝමීටර 45 ක් නිරිත දෙසින් කිලෝමීටර 82 ක් ගැඹුරින් මෙම භූ කම්පනය සිදුව ඇත.

ඉන් සිදුවූ හානි පිළිබඳව මෙතෙක් වාර්තා වී නොමැති අතර භූ කම්පනය බාලි දිවයින ඇතුලු ඉන්දුනීසියාවේ දූපත් කිහිපයකටම දැනී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?