AFC Banner
Empty Ad
Empty Ad

ජනපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් වෙනුවෙන් ගොනු කළ පෙත්සම විභාගයට දින ලැබෙයි

ජනාධිපතිවරයාගේ නිල කාලය අවසන් වන දින වකවානු සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අර්ථ නිරූපණයක් ලබාදෙන තුරු දැනට සැලසුම් කර තිබෙන පරිදි ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ව්‍යවසායකයෙකු වූ සී.ඩී.ලෙනව විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කර තිබෙනවා.

එම විනිසුරු මඩුල්ල ඉදිරියේ අදාළ පෙත්සම මේ මස 08 වනදා සලකා බැලීමට නියමිතයි.

කෙසේවෙතත් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ස්ථාවරත්වය සම්බන්ධයෙන් ද ඊයේ (04) දිනයේ දී ජනාධිපති මාධ්‍ය අංශය විශේෂ නිවේදනයක් නිකුත් කළා.

එහිදී ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ; මෙම පෙත්සම්කාර පාර්ශ්වය කිසිදු අයුරකින් නීති උපදෙස් හෝ නොගෙන මෙම පෙත්සම ඉදිරිපත් කර ඇති බවත්; ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 06ක් නොව 05ක් බවත් අවබෝධ කරගත යුතු බවයි.

එමෙන්ම මෙම වසරේ දී නියමිත පරිදි ජනාධිපතිවරණයක් පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව විසින් තීරණය කරනු ලැබීම නිවැරදි බව ද ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා.

එම පෙත්සම සම්බන්ධයෙනුයි මෙලෙස එළඹෙන 08 වැනි දින සලකා බැලීමට දින ලබා දී ඇත්තේ.

මේ අතර ජනපතිවරණය මේ වසරේ පැවැත්වීමට එරෙහි ව ගොනු කළ පෙත්සමට අතරමැදි පාර්ශ්වයක් ලෙස ජාතික ජන බලවේගයක මැදිහත් වීමට තීරණය කර තිබෙනවා.

ඊට අවසර ඉල්ලමින් ආචාර්ය හරිනි අමරසූරිය, විජිත හේරත් සහ එරංග ගුණසේකර අය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කරන විශේෂ පෙත්සම ද අද පස්වරුවේ ගොනු කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත් සහ රනිල් එක ගර්භාෂය තුළ ඉපදුණු දරුවෝ දෙදෙනෙක් - වැඩසටහන උණුසුම් කළ සංවාදය
05:02
Video thumbnail
KASTHIRAMA | හිටපු පා.ම. වීරසුමන වීරසිංහ සහ සජබ වැලිගම සංවිධායක රෙහාන් ජයවික්‍රම සහභාගීවන කස්තිරම
01:25:07
Video thumbnail
සජිත්ට වුණ දේ හාම්පුතෙක්ම කියයි - අවසාන ප්‍රතිඵලය අපි බලාපොරොත්තු නොවුණු එකක් #sjb
02:17
Video thumbnail
ඔළුගෙඩි මාරු කරලා විසඳුම් ලැබෙන්නේ නෑ - මේක ඉබාගාතේ ගිය ආර්ථිකයක් #dilithjayaweera #economy
04:02
Video thumbnail
මරණය පෙනි පෙනී සිටි කිරිඅම්මාවරු ගලවාගත් පොලිස් මෙහෙයුම...
03:12
Video thumbnail
රටේ ආරක්ෂාව නැවතත් වැඩි කරයි? - දැන්නම් නීතියත් එක්ක සෙල්ලම් දානවා බොරු #policenews
03:32
Video thumbnail
නිදහස් පක්ෂය මේ සැරෙත් එන්නේ ගෑස් සිලින්ඩරෙන්
02:36
Video thumbnail
ඉන්දීය විදේශ කටයුතු ඇමති ජයශංකර් ජනපති අනුර හමුවූ අවස්ථාව #anurakumaradissanayake #npp
01:04
Video thumbnail
පාදෙණිය කාලෙකට පස්සේ කට අරියි
03:27
Video thumbnail
දිලිත් ජයවීරගෙන් විශේෂ ප්‍රකාශයක් #dilithjayaweera
04:51

?