AFC Banner
Empty Ad
Empty Ad

රේගු වර්ජනය අවසන් – ඇමති සමග සාකච්ඡා සාර්ථකයි (නිවේදනය)

ශ්‍රී ලංකා රේගු අධිකාරිය විසින් අද (04) සහ හෙට (05) යන දෙදින ක්‍රියාත්මක කර තිබූ වෘත්තීය වැඩ වර්ජනය අත් හැර දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ අද (04) පෙරවරුවේ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සමග රේගු නිලධාරීන් පැවැත්වූ සාකච්ඡාවකින් පසුවයි.

තොරතුරු වාර්තා වන පරිදි රේගු අධිකාරිය මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡා සාර්ථක කරගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් මෙම දෙදින වැඩ වර්ජනය නතර කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව රේගු දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව සහ දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව එක් ව එකම ආයතනයකට බලය පැවරීමට එරෙහි ව දියත් කළ වර්ජනය අවසන් කළ බවටයි ශ්‍රී ලංකා රේගු වෘත්තීය සමිති සන්ධානය නිවේදනය කළේ.

අද දිනයේ ක්‍රියාත්මක වූ වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් බහාලු‍ම් 5000ක් පමණ කොළඹ වරායේ සිර වී ඇති බව බහාලු‍ම් ප්‍රවාහන රථ හිමියන්ගේ සංගමය චෝදනා කළා.

එහි සභාපති සනත් මංජුල කියා සිටියේ ඊයේ රාත්‍රියේ බහාලු‍ම් 1200ක පමණ නිශ්කාශන කටයුතු සිදු කර ඇති බවයි.

ඊයේ දිනයේ දී සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් ද චෝදනා කර සිටියේ රේගුවේ මෙම වර්ජන හේතුවෙන් තමන්ගේ බහාලුම් විශාල ගණනක් සිර වී ඇති බවත්; වර්ජන අවසන් වීමෙන් පසු ඔවුන්ගෙන් ප්‍රමාද ගාස්තු පවා අය කිරීම අසාධරණ බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?