රේගු වර්ජනය අවසන් – ඇමති සමග සාකච්ඡා සාර්ථකයි (නිවේදනය)

ශ්‍රී ලංකා රේගු අධිකාරිය විසින් අද (04) සහ හෙට (05) යන දෙදින ක්‍රියාත්මක කර තිබූ වෘත්තීය වැඩ වර්ජනය අත් හැර දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ අද (04) පෙරවරුවේ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සමග රේගු නිලධාරීන් පැවැත්වූ සාකච්ඡාවකින් පසුවයි.

තොරතුරු වාර්තා වන පරිදි රේගු අධිකාරිය මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡා සාර්ථක කරගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් මෙම දෙදින වැඩ වර්ජනය නතර කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව රේගු දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව සහ දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව එක් ව එකම ආයතනයකට බලය පැවරීමට එරෙහි ව දියත් කළ වර්ජනය අවසන් කළ බවටයි ශ්‍රී ලංකා රේගු වෘත්තීය සමිති සන්ධානය නිවේදනය කළේ.

අද දිනයේ ක්‍රියාත්මක වූ වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් බහාලු‍ම් 5000ක් පමණ කොළඹ වරායේ සිර වී ඇති බව බහාලු‍ම් ප්‍රවාහන රථ හිමියන්ගේ සංගමය චෝදනා කළා.

එහි සභාපති සනත් මංජුල කියා සිටියේ ඊයේ රාත්‍රියේ බහාලු‍ම් 1200ක පමණ නිශ්කාශන කටයුතු සිදු කර ඇති බවයි.

ඊයේ දිනයේ දී සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් ද චෝදනා කර සිටියේ රේගුවේ මෙම වර්ජන හේතුවෙන් තමන්ගේ බහාලුම් විශාල ගණනක් සිර වී ඇති බවත්; වර්ජන අවසන් වීමෙන් පසු ඔවුන්ගෙන් ප්‍රමාද ගාස්තු පවා අය කිරීම අසාධරණ බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39