PHI රොෂාන් ඝාතනයේ ප්‍රධාන සැකකරු අල්ලයි

මෙම වසරේ පෙබරවාරි මස 26 වැනිදා ඇල්පිටිය ප්‍රදේශයේ දී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය පවසන්නේ මෙම සැකකරු සමග ඔහු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ව ඝාතනයට යොදාගත් ගිනි අවිය ද සොයාගත් බවයි.

ඇල්පිටිය, පතිරාජ වත්ත ප්‍රදේශයේ පිහිටි නිවසක ජීවත් වූ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු මෙලෙස වෙඩි තබා ඝාතනය කර තිබුණේ පසුගිය පෙබරවාරි මාසයේ උදෑසන 07ට පමණයි.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාව ඝාතනයට යතුරුපැදියකින් පුද්ගලයින් දෙදෙනෙකු පැමිණ තිබුණා.

මෙලෙස මියගියේ කරන්දෙණිය ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු ලෙස සේවය කළ රොෂාන් කුමාර විතානගේ නමැති 51 හැවිරිදි අයෙක්.

මියගිය පුද්ගලයා ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික වශයෙන් ද කටයුතු කර ඇති බව සඳහන්.

මෙවන් පසුබිමකදියි මෙම ඝාතනය සම්බන්ධයෙන් ඇල්පිටිය පොලිසිය විශේෂ විමර්ශනයක් සිදු කරමින් මාස 04කට පසුව ඝාතනයේ ප්‍රධාන සැකකරුව අත්අඩංගුවට ගැනුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40
Video thumbnail
හිර ගෙවල් දහසක දැම්මත් යුතුකම දිවි හිමියෙන් ඉටු කරනවා - විමල් සැරවෙයි
02:04