AFC Banner
Empty Ad
Empty Ad

රේගුව වර්ජනය කළත් එයාර්පෝට්; වරාය වැඩ (වීඩියෝ)

ප්‍රධාන ඉල්ලීම් දෙකක් මුල් කර ගනිමින් රේගු දෙපාර්තමේන්තු නිලධාරීන් අද (04) සහ හෙට (05) යන දෙදින තුළ සිදු කරන වෘත්තීය ක්‍රියාමාර්ගයෙන් ජනතාවට සෘජු ව සේවය සපයන කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ, කොළඹ හා ගාලු වරායන් තුළ සේවා කටයුතුවලට බාධාවක් නොවන බව රේගු වෘත්තීය සමිති සන්ධානයේ ප්‍රකාශකවරයෙකු වන ගීතාංජන මඩපාත පවසනවා.

ඊට හේතුව ලෙස ඔහු සඳහන් කරන්නේ මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය එම පරිශ්‍රයන් හි දී සිදු නොවන බවයි.

තමන් ඇතුළු රේගු අධිකාරිය මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට පිවිසෙන්නේ; ආණ්ඩුවේ අදූරදර්ශී පාලන ක්‍රමයට එරෙහිව බවට ද මඩපාත මහතා පවසනවා.

ශ්‍රී ලංකා රේගුවෙන් විශේෂඥ අදහස් නොවිමසා, මුදල් අමාත්‍යාංශයේ අදූරදර්ශී නිලධාරීන් කිහිපදෙනෙකුගේ මූලිකත්වයෙන් රේගු ආඥා පනතේ වගන්ති කිහිපයක් සංශෝධන‍ය කිරීමට රජය පියවර ගනිමින් සිටීමට එරෙහිවයි රේගු නිලධාරීන් සිය වෘත්තීය ක්‍රියාමාර්ගයට එළැඹෙන්නේ.

එම නිලධාරීන්ගේ දෙවන ඉල්ලීම වන්නේ රේගු දෙපාර්තමේන්තුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව මගින් මෙතෙක් සිදු කරගෙන යමින් සිටින ශ්‍රී ලංකාවේ බදු එකතු කිරීමේ ක්‍රියාවලිය ශ්‍රී ලංකා ආදායම් අධිකාරිය නමැති පෞද්ගලික ආයතනයකට පැවරීමේ රජයේ උත්සාහය පරාජය කිරීම වන බව ද සඳහන්.

මෙම නව අධිකාරිය පිහිටු වීම සඳහා ද ඉහත මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිස ම මුල් වී ක්‍රියා කර ඇති බව ද රේගු වෘත්තීය සමිති සන්ධානයේ ප්‍රකාශකවරයා සඳහන් කළා.

ඒ හේතුවෙන් අද හා හෙට දෙදින පුරාවටම උදේ 8.30 සිට මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය සිදු කෙරෙනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත් සහ රනිල් එක ගර්භාෂය තුළ ඉපදුණු දරුවෝ දෙදෙනෙක් - වැඩසටහන උණුසුම් කළ සංවාදය
05:02
Video thumbnail
KASTHIRAMA | හිටපු පා.ම. වීරසුමන වීරසිංහ සහ සජබ වැලිගම සංවිධායක රෙහාන් ජයවික්‍රම සහභාගීවන කස්තිරම
01:25:07
Video thumbnail
සජිත්ට වුණ දේ හාම්පුතෙක්ම කියයි - අවසාන ප්‍රතිඵලය අපි බලාපොරොත්තු නොවුණු එකක් #sjb
02:17
Video thumbnail
ඔළුගෙඩි මාරු කරලා විසඳුම් ලැබෙන්නේ නෑ - මේක ඉබාගාතේ ගිය ආර්ථිකයක් #dilithjayaweera #economy
04:02
Video thumbnail
මරණය පෙනි පෙනී සිටි කිරිඅම්මාවරු ගලවාගත් පොලිස් මෙහෙයුම...
03:12
Video thumbnail
රටේ ආරක්ෂාව නැවතත් වැඩි කරයි? - දැන්නම් නීතියත් එක්ක සෙල්ලම් දානවා බොරු #policenews
03:32
Video thumbnail
නිදහස් පක්ෂය මේ සැරෙත් එන්නේ ගෑස් සිලින්ඩරෙන්
02:36
Video thumbnail
ඉන්දීය විදේශ කටයුතු ඇමති ජයශංකර් ජනපති අනුර හමුවූ අවස්ථාව #anurakumaradissanayake #npp
01:04
Video thumbnail
පාදෙණිය කාලෙකට පස්සේ කට අරියි
03:27
Video thumbnail
දිලිත් ජයවීරගෙන් විශේෂ ප්‍රකාශයක් #dilithjayaweera
04:51

?