spot_img
AFC Banner
Korea Edu Banner
Empty Ad

හර්දික් පාණ්ඩ්‍යා 20-20 ක්‍රිකට්වල හොඳම තුන් ඉරියව් මුදුනා වෙයි

ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක හර්දික් පාණ්ඩ්‍යා ජාත්‍යන්තර 20 තුන් ඉරියව් ක්‍රීඩක ලැයිස්තුවේ පෙරමුණ ගැනීමට සමත් ව තිබෙනවා.

ඒ පසුගියදා පන්දුවාර 20 ක්‍රිකට් ලෝක කුසලානය දකුණු අප්‍රිකාව පරාජයට පත් කිරීමට සහ ලෝක කුසලාන ගමන් මගෙ පාණ්ඩ්‍යා දක්වනු ලැබූ විශිෂ්ට දක්ෂතා හේතුවෙන්.

මෙතෙක් පෙරමුණ ගෙන සිටි ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගට ඒ අනුව පළමු ස්ථානය අහිමි ව තිබෙනවා.

ශ්‍රේණිගත කිරීම්හි ප්‍රසාද ලකුණු 222ක් ලබා ගනිමින් පාණ්ඩ්‍යා පළමු වැනියා බවට පත් ව ඇති අතර, එම ලැයිස්තුවේ තෙවැනි ස්ථානය ඔස්ට්‍රෙලියාවේ මාර්කස් ස්ටොයිනිස් හට වෙන් ව තිබෙනවා.

පාණ්ඩ්‍යා පන්දුවාර 20 ක්‍රිකට් ලෝක කුසලානයේ දී ඉන්දීය කණ්ඩායමට උප නායකත්වය මෙන් ම පිත්තෙන්, පන්දුවෙන් සහ පන්දු රැකීමෙන් ද හොඳ දායකත්වයක් ලබා දුන්නා.

ඔහු දකුණු අප්‍රිකාවට එරෙහි ව අවසන් මහා තරගයේ දී ද ලකුණු 20කට බිඳ හෙලූ කඩුලු සංඛ්‍යාව 03ක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?