ඩුබායි පෙන්වා පවුලකින් ම මුදල් ගැරූ පිරිසක් අල්ලයි

කුරණ – කටුනායක ප්‍රදේශයේ පදිංචි පවුලක් ඩුබායි රාජ්‍යයේ රැකියා සඳහා යොමු කරන බව පවසමින් මූල්‍ය වංචාවක් සිදු කළ පුද්ගලයින් තිදෙනකු මීගමුව විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

අද (03) උදෑසන මෙම සැකකරුවන් ව ගාල්ල ප්‍රදේශයේ දී අත් අඩංගුවට ගත් බවයි වාර්තා වන්නේ.

ඩුබායි රාජ්‍යයේ රැකියා වෙත යවන බවට මුලා කරමින් රුපියල් ලක්ෂ 18ක මුදලක් සැකකරුවන් විසින් එරට සේවයේ නිරත ලාංකික කාන්තාවකගේ මාර්ගයෙන් සිය හිතවතියකගේ ගිණුමකට බැර කරවාගෙන තිබෙනවා.

ඉන් අනතුරුව මුදල් බැර කළ ගිණුමෙහි හිතවතිය සඳහන් කර ඇත්තේ; එම මුදල් ලබා ගනිමින් අදාළ පිරිස ඔවුන්ගේ නිවස සාදා ගන්නා බවටයි.

මේ පිළිබඳ ව සැක සිතූ කටුනායක ප්‍රදේශයේ පදිංචිකරුවන් මීගමුව විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් වෙත පැමිණිලි කර තිබෙනවා.

ඒ අනුව විශේෂ පොලිස් විමර්ශන ඒකකයේ නිලධාරීන් පිරිසක් ගාල්ල ප්‍රදේශයට ගොස් මෙම මුදල් තම ගිණුමට බැර කරවා ගත් යුවළ සහ මෙම පවුල ඩුබායි වෙත රැකියා සදහා ගෙන්වා ගන්නා බවට පොරොන්දු වූ , එරට රැකියාවේ නිරත කාන්තාව ද ගාල්ල ප්‍රදේශයට පැමිණ සිටියදී අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් මීගමුව විශේෂ අපරාධ විමර්ශන ඒකකය වැඩිදුර විමර්ශන සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14