තරුෂි සහ ලේකම්ගේ 2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උලෙළට සුදුසුකම් ලබයි

මෙරට මැද දුර ධාවන ශූරියක් වන තරුෂි කරුණාරත්න සහ හෙල්ල විසිකිරීමේ ක්‍රීඩිකා දිල්හානි ලේකම්ගේ 2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උලෙළට සුදුසුකම් ලබා ගැනීමට සමත් ව තිබෙනවා.

ලෝක මලල ක්‍රීඩා ශ්‍රේණිගත කිරීම් අනුව ඊට සුදුසුකම් ලැබීමේ කාලය පෙරේදා (30) දිනයෙන් අවසන් වුව ද යාවත්කාලීන කරන ලද තරග නීති සහ උපදෙස් මත තරුෂිගේ සහ ලේකම්ගේ මෙම ජයග්‍රහණයන් මොවුන් පැරිස් ඔලිම්පික් සඳහා සුදුසුකම් ලැබූ බවට ස්ථිර කෙරුණා.

ආසියානු ශූරතාවලියේ සහ ආසියානු ක්‍රීඩා උලෙළේ රන් පදක්කම්ලාභී තරුෂි කරුණාරත්න ශ්‍රේණිගත කිරීම්වල 45 වැනි ස්ථානයට පත් වූ අතර ඇය මීටර් 800 ඉසව්ව සඳහා සුදුසුකම් ලැබූ පළමු ක්‍රීඩිකාවන් 48 දෙනා අතරට පැමිණීමට සමත් වුණා.

මේ අතර, දිල්හානි ලේකම්ගේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අතර ඉහළම ශ්‍රේණිගත කිරීම අත්කර ගැනීමට සමත් වූ අතර, දැනට 26 වැනි ස්ථානයේයි ඇය පසුවන්නේ.

ඉන් පැරිස් ඔලිම්පික් සඳහා හෙල්ල විසි කිරීමේ තරග ඉසව්වට ක්‍රීඩිකාවන් 32 දෙදෙනකු තෝරා ගැනීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
4
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අසරණවූ දෙමළ පවුලකට නිවසක් හදලා දුන් බෞද්ධ මිනිසා - "හැමෝටම මෙහෙම සිත් පහළ වෙන්න ඕනි"
06:11
Video thumbnail
'සමුද්‍රවිජය' යුද නෞකාව ජනපති ප්‍රධානත්වයෙන් නිල වශයෙන් අධිකාරියට පත් කෙරේ
05:20
Video thumbnail
සුවසැරිය සේවකයන් සාකච්ඡාවෙන් පස්සේ මාධ්‍යයට කිව්ව දේ.."අපේ ප්‍රශ්නේ තාම ඉවර නෑ..ජයග්‍රහණයක් ලැබුවා"
04:44
Video thumbnail
"අනේ මගේ පුතේ..කතා කරන්නකෝ මගේ මැණික"අනතුරෙන් එළොව ගිය දියණියගේ අවසන් කටයුතු සෝසුසුම් මැද සිදුවෙයි
06:33
Video thumbnail
මුළු රටක් කම්පා කළ "සෙනෙහසේ කැඳැල්ලේ" කඳුළු අතරින් හෙළිවූ කතාව - සතුට විනාශ කළ රාත්‍රියේ සිදුවූ දේ
03:49
Video thumbnail
ගින්නෙන් දිවි බේරගත්ත මවක් වෙච්ච සියල්ල හෙළිකරයි - "ඇදන් ඉන්න ඇදිවත විතරයි ඉතුරු වුණේ..මම කෑගැහුවා"
01:16
Video thumbnail
"හොර නන්දලාල්..මහ බැංකුවේ හොරා" - මිනිස්සු මල් වඩම් අරන් ඇවිත් ජනපති කාර්යාලය වටලයි
04:05
Video thumbnail
මහල් නිවාස හදලා තියෙන්නේ සත්තු කියලා හිතාගෙන..මිනිස්සු උද්ඝෝෂණය කරන එක අතිශය සාධාරණයි
10:58
Video thumbnail
මහල් සංකීර්ණ නිරීක්ෂණයට ගිය අමාත්‍ය එරංග ඉස්සරහා ජනතාව කිව්ව සැර කතාව - "අපිට සිහින ගොඩාක් දුන්නා"
09:02
Video thumbnail
එකට සිටි පිරිස දාලා යන්න බැරිව නිවාසයේ සිටි මව්වරුන් හඬා වැටෙයි
00:47