AFC Banner
Empty Ad
Empty Ad

මත් ජාවාරම්කරු මහවත්තේ චාමරගේ සහෝදරයෙක් STF අත්අඩංගුවේ

මේ වනවිට විදේශ රටක සැඟව සිට මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු හා සංවිධානාත්මක අපරාධකරුවෙකුවන මහවත්තේ චාමරගේ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ඔහුගේ සහෝදරයෙක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු සන්තකයේ තිබී රුපියල් ලක්ෂ 06ක් පමණ වෙළදපොල වටිනාකමක් ඇති අයිස් මත්ද්‍රව්‍ය ද සොයාගත් බවයි විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.

ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ පැට්ටා වත්ත පාර ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමක දී සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු 35 හැවිරිදි වියේ පසුවන කොළඹ 15, මෝදර ප්‍රදේශයේ පදිංචි සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථානය වෙත භාර දී ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?