logo
spot_img
AFC Banner
Korea Edu Banner
Empty Ad

ඉන්දීය විදේශ ඇමති මැදපෙරදිග නිල සංචාරයක

ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් සහ කටාර් අගමැති සහ විදේශ අමාත්‍ය ෂෙයික් මොහොමඩ් බින් අබ්දුල්රහ්මාන් බින් ජසිම් අල් තානි අතර හමුවක් සිදු ව තිබෙනවා.

“දෝහා හි දී අගමැති හමුවීමට ලැබීම ගැන මම සතුටට පත් වූ අතර අගමැති මෝදි වෙනුවෙන් ඔහුට සහ එමීර්වරයාට සුබපැතුම් පළ කළෙමි. දේශපාලන ප්‍රශ්න, වෙළෙඳාම, ආයෝජන, බලශක්ති, තාක්ෂණය, සංස්කෘතිය සහ මිනිසුන් අතර ඇති සබඳතා කෙරෙහි අවධානය යොමු කරමින් අපි අපගේ ද්විපාර්ශ්වික සබඳතා සමාලෝචනය කළෙමු…” දෝහා සිට ආචාර්ය ජයශංකර් පැවසුවා.

ගාසා තීරයේ තත්ත්වය ඇතුළු කලාපීය සහ ගෝලීය ගැටලු පිළිබඳ ව ද ඔවුන් දෙදෙනා අදහස් හුවමාරු කරගෙන තිබෙනවා.

“ඉන්දියා – කටාර් සබඳතා තවදුරටත් වැඩිදියුණු කිරීම සහ අන්‍යෝන්‍ය අවශ්‍යතා පිළිබඳ අඛණ්ඩ සංවාදයන් සඳහා අපි බලාපොරොත්තු වෙමු,” ආචාර්ය ජයශංකර් වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර ඇෆ්ගනිස්තානය සම්බන්ධ දෝහා එක්සත් ජාතීන්ගේ සමුළුවට ඉන්දියාව ද සහභාගි වුණා.

සිය දෙවන ධුර කාලයේ ඉන්දීය විදේශ අමාත්‍යවරයා සිදු කරන තෙවැනි විදෙස් සංචාරය මෙය වනවා.

කටාර් සිට ආපසු පැමිණීමෙන් පසු, ෂැංහයි සහයෝගීතා සමුළුවේ දී ඉන්දියාව නියෝජනය කිරීම සඳහා ආචාර්ය ජයිශංකර් අස්තානා වෙත යනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?