තරගයක් අතරතුර ක්‍රීඩකයෙකු ජීවිතක්ෂයට

ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරගාවලියක් පැවැත්වෙන අතරතුර 17 හැවිරිදි ක්‍රීඩකයෙකු පිටිය මැද ඇදවැටී ජීවිතක්ෂයට පත්වීමේ ඛේදනීය පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

AP පුවත් සේවය මෙම ප්‍රවෘත්තිය වාර්තා කරමින් සඳහන් කර ඇත්තේ මේ දිනවල (01) ඉන්දුනීසියාවේ යෝගකාර්තා පළාතේ පැවැත්වෙන ආසියානු කනිෂ්ඨ බැඩ්මින්ටන් තරගාවලියේ තරගයක් අතරතුර චීන ක්‍රීඩකයෙකු හදිසියේ ම පිටිය මැද ඇද වැටී ඇති බවත්; කඩිනමින් ඔහුව රෝහල්ගත කළ ද; හෙතෙම ජීවිතක්ෂයට පත් ව ඇති බවයි.

මෙලෙස මියගොස් ඇත්තේ චීන ක්‍රීඩකයෙකු වන Zhang Zhijie වන අතර; ඔහු මියයාමට ප්‍රථම ජපානයේ කසුමා කවානෝට එරෙහිව ක්‍රීඩා කරමින් සිටියා.

බැඩ්මින්ටන් නිලධාරීන් පැවසුවේ වෛද්‍ය කණ්ඩායම් ෂැංට කඩිනමින් ප්‍රතිකාර කළ අතර ගිලන් රථයකින් ඔහු අසල පිහිටි ප්‍රධාන රජයේ රෝහලක් වන වෛද්‍ය සර්ඩ්ජිටෝ වෙත ඇතුළත් කෙරුණා.

නමුත් ඒ වනවිටත් ඔහු ජීවිතක්ෂයට පත් ව සිටි බවයි වාර්තා වන්නේ.

ඒ වනවිට මියගිය ක්‍රීඩකයා සහ ජපන් ක්‍රීඩකයාගේ ලකුණු පුවරුව දැක්වුණේ ලකුණු 11-11ක් ලෙසයි.

කෙසේවෙතත් මෙම මරණය සම්බන්ධයෙන් ඉන්දුනීසියාවේ බැඩ්මින්ටන් සංගමයේ ප්‍රකාශක බ්‍රෝටෝ හැපි විශේෂ ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.

ඒ ක්‍රීඩකයාගේ මරණයට හේතු දක්වමින්.

වෛද්‍ය වාර්තා අනුව 17 හැවිරිදි චීන ක්‍රීඩකයා මෙලෙස හදිසියේ ම මරණයට පත් ව ඇත්තේ ඔහුට ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් බවයි වාර්තා වන්නේ.

චීන ක්‍රීඩකයාගේ මරණයෙන් පසුව අද පැවැති ආසියානු කනිෂ්ඨ බැඩ්මින්ටන් තරගාවලියේ සෙසු තරග ආරම්භ වීමට පෙර චීන ක්‍රීඩකයාට සහ රටට ගරු කරමින් මිනිත්තුවක නිශ්ශබ්දතාවක් ද උපහාරය සහ ගෞරවය පුද කරමින් පැවැත්වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
0
+1
9
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?