තරගයක් අතරතුර ක්‍රීඩකයෙකු ජීවිතක්ෂයට

ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරගාවලියක් පැවැත්වෙන අතරතුර 17 හැවිරිදි ක්‍රීඩකයෙකු පිටිය මැද ඇදවැටී ජීවිතක්ෂයට පත්වීමේ ඛේදනීය පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

AP පුවත් සේවය මෙම ප්‍රවෘත්තිය වාර්තා කරමින් සඳහන් කර ඇත්තේ මේ දිනවල (01) ඉන්දුනීසියාවේ යෝගකාර්තා පළාතේ පැවැත්වෙන ආසියානු කනිෂ්ඨ බැඩ්මින්ටන් තරගාවලියේ තරගයක් අතරතුර චීන ක්‍රීඩකයෙකු හදිසියේ ම පිටිය මැද ඇද වැටී ඇති බවත්; කඩිනමින් ඔහුව රෝහල්ගත කළ ද; හෙතෙම ජීවිතක්ෂයට පත් ව ඇති බවයි.

මෙලෙස මියගොස් ඇත්තේ චීන ක්‍රීඩකයෙකු වන Zhang Zhijie වන අතර; ඔහු මියයාමට ප්‍රථම ජපානයේ කසුමා කවානෝට එරෙහිව ක්‍රීඩා කරමින් සිටියා.

බැඩ්මින්ටන් නිලධාරීන් පැවසුවේ වෛද්‍ය කණ්ඩායම් ෂැංට කඩිනමින් ප්‍රතිකාර කළ අතර ගිලන් රථයකින් ඔහු අසල පිහිටි ප්‍රධාන රජයේ රෝහලක් වන වෛද්‍ය සර්ඩ්ජිටෝ වෙත ඇතුළත් කෙරුණා.

නමුත් ඒ වනවිටත් ඔහු ජීවිතක්ෂයට පත් ව සිටි බවයි වාර්තා වන්නේ.

ඒ වනවිට මියගිය ක්‍රීඩකයා සහ ජපන් ක්‍රීඩකයාගේ ලකුණු පුවරුව දැක්වුණේ ලකුණු 11-11ක් ලෙසයි.

කෙසේවෙතත් මෙම මරණය සම්බන්ධයෙන් ඉන්දුනීසියාවේ බැඩ්මින්ටන් සංගමයේ ප්‍රකාශක බ්‍රෝටෝ හැපි විශේෂ ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.

ඒ ක්‍රීඩකයාගේ මරණයට හේතු දක්වමින්.

වෛද්‍ය වාර්තා අනුව 17 හැවිරිදි චීන ක්‍රීඩකයා මෙලෙස හදිසියේ ම මරණයට පත් ව ඇත්තේ ඔහුට ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් බවයි වාර්තා වන්නේ.

චීන ක්‍රීඩකයාගේ මරණයෙන් පසුව අද පැවැති ආසියානු කනිෂ්ඨ බැඩ්මින්ටන් තරගාවලියේ සෙසු තරග ආරම්භ වීමට පෙර චීන ක්‍රීඩකයාට සහ රටට ගරු කරමින් මිනිත්තුවක නිශ්ශබ්දතාවක් ද උපහාරය සහ ගෞරවය පුද කරමින් පැවැත්වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
0
+1
9
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මේ ආණ්ඩුවට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26